නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු පදනම – ළමා ඉතිරි කිරීමේ ගිණුම් විවෘත කිරීම

0
247

unnamedචිත‍්‍රාල් ප‍්‍රනාන්දු පදනම මගින් සංවිධානය කරන කටුනේරිය ග‍්‍රාම නිලධාරී වසම් 4 තුළ ළමා ඉතිරි කිරීමේ ගිණුම් 100 ක් ආරම්භ කර දීමේ වැඩසටහනේ පළමු අදියර වර්ෂ 2014 ජුනි 07 වන සෙනසුරාදා සවස උතුරු පහළ කටුනේරියේ ටෙනිසන් මහතාගේ නිවසේදී පැවැත්විනි. නීතිඥ චිත‍්‍රාල් ප‍්‍රනාන්දු පදනමේ උතුරු පහළ කටුනේරිය වසමේ ශාකාව මගින් සම්බන්ධීකරණය කළ මෙම වැඩසටහනට අදාළ වසම තුලින් අවුරුදු 12 ට අඩු දරුවන් 25 සදහා මුදල් සහිත ළමා ඉතිරිකිරීමේ ගිණුම් පොත් ලබා දීම වයඹ පළාත් සභා මන්ත‍්‍රී නිීතිඥ චිත‍්‍රාල් ප‍්‍රනාන්දු මහතා අතින් සිදුවිය. මෙම වැඩසටහනේ ඉතිරි අදියරයන් ඉදිරි සති දෙක ඇතුළත සිදු කිරීමට නියමිතය.
මම ිි