නීතිය ක්‍රියාත්මක වන්නේ පොඩ්ඩන්ට විතරද?

0
338
boat fishermen 1boat fishermen 2boat fishermen 3
        මීගමුව පළඟතුරය වෙරල තීරයේ පරම්පරා ගනනාවක් පැවති  ධීවර කර්මාන්තය මහත් තර්ජනයට ලක් වී ඇත්තේ මෑතකදි ආ සංචාරක කර්මාන්තය නිසාය.
අප මීට පෙරද මේ ගැටලුව ඉදිරිපත් කලෙමු.
කලක් නැවතී තිබුණු ගැටලුව නැවත් කරලියට පැමිණෙන්නේ නව දේශපාලන පෙරලියත් සමගය.
එනම් පලගතුර් ලෙල්ලම අසල කොච්චිකඩේ ප්‍රදේශයෙ ව්‍යාපාරිකයෙකු වන අරුන් කෲස් නැමති අය  විසින් wonder  නමින් 90/2 බටහිර පළගතුරය, කොච්චිකඩේ යන ස්ථානයේ සංචාරක හෝටලයක් කරගෙන යනු ලබයි.
හෝටලයට පිටු පසින් වෙරල  තීරය (Beach view) තම හෝටලයට එන සංචාරකයින් උදෙසා නැරඹීම වෙනුවෙන් ලබා ගැනීමට මොහුට උවමනාවක් තිබුණි.ඒ හේතුවෙන් මොහු විසින් වෙරළ සංරක්ෂණය හරහා ඉල්ලීම කරමින්  නඩුවක් ගොනු කර තිබුනේ  ඔහුගේ හොටලයට( බීච් විව්) එක ලබා ගැනීමට බාධා වන පාරම්පරික් ධීවර වාඩි අනවසර  ඉදිකිරීම් මුවාවෙන් ඉවත් කිරීමට සැලසුම් කරගෙනය.
එහෙත් මේ  නඩුව ධීවරයින් විසින් ජය ගෙන ඇති අතර  මූලික අයිතිවාසිකමක් හා මානව හිමිකම් කඩවීමක් බව බවද අධිකරණය විසින් දැනුම් දි ඇතැයි ධීවරයෝ පවසති,
එපමණක් නොව අධිකරණය විසින් වෙරල සංරක්ෂණ නිළධාරින්  දොස් පවරා ඇත්තේ මෙවැනි නඩු නොගෙනන ලෙසද දන්වා සිටිමින් යැයි ධීවරයෝ වැඩිදුරටත් පවසති.
මෙය සිදුවී දැනට මාස කිහිපයක් ගතවී ඇත.
එහෙත් ජනවාරි  19  දින නැවතත් වෙරළ සංරක්ෂණයෙන් පැමිණ මෙම වාඩියෙහි  අයිතිකරුට පවසා ඇත්තේ මෙය අනවසර ඉදිකිරීමක් නිසා මෙය කඩා ඉවත් කරන්නා ලෙසයි.
ඊට පසු දිනද එනම් 21 ඊයේ දිනයෙදී නැවත් පැමිණෙන බව දැන්වූ මොවුන් ඊයේ පෙරවරුවේම මෙම වාඩි හි අයිතිකරුවන් හට දුරකථනයෙන් අමතා ඇත.පසුව එක් වාඩි හිමියෙකුගේ දුරකථනය හරහා සම්බන්ධ වූ වෙරළ සංරක්ෂණ ආයතනයේ රූපසිංහ මහතා පවසා ඇත්තේ මෙම වාඩි කඩා ඉවත් කරන ලෙසයි
.එහිදී මෙම ධීවරයාද විරුද්ධව  සිට ඇති අතර අවසානයේ ඔහු පවසා ඇත්තේ කෙසේ හෝ මෙවා ඉවත් කරන බවයි.
පසුව පැය කිහිපයකට පසු පළගතුරය වෙරළට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරින් 4  දෙනෙකු පැමිණ ඇත මෙහිදී ධීවරයන් විසින් ඔවුන්ගෙන් ප්‍රශ්ණ කිරීමට යැමේදි ඔවුන් පවසා ඇත්තේ 20 වන දින් එනම් පසු ගිය සදුදා දින සවස් වරුවේ වෙරළ තීරයේ බැකෝ යන්ත්‍රයක් දමා කුණු වල දැමීමට හොටල් හිමියෙකු විසින් වලක් කපා ඇති බවත් . ඒහිදී වෙරළ ආරක්ෂාවට තිබෙන ගස් පදුරු විනාශ වී ඇත.මේ සම්බන්ධයෙක් නිරීක්ෂණයක් කිරීමට පැමිණි‍යායි මෙම නිළධාරින් පවසන ලදි.
 මේ සිදුවීම මාලව දිහා බලන විට පෙනි යන්නේ මීගමුව වෙරළ සංරක්ෂණ දෙපාත්තමේන්තුව විසින් වෙරළ සංරක්ෂණාය වෙනුවට සංචාරක කර්මාන්තය කරන ව්‍යාපාරිකයින් වෙනුවෙන් පෙනී සිටීමද? ව්‍යාපාරිකයන්ට අවවාද කිරීමටත් පොඩ්ඩන්ට විතරක් නීතිය ක්‍රියාත්මක කිරිම සාධාරණදැයි වගකිවයුතු නිළධාරින්ගෙන් විමසන්නේමු. මෛත්‍රී පාලනයක් යටතේ හෝ නීතිය සාධාරණව ක්‍රියාත්මක විය යුතුයැයි අප බලාපොරොත්තු වෙමු.
ඡායාරූප- දිල්ෂාන් තිසේරා