නුදුරේදීම මෙරටට ගුවනින් හා ගොඩබිමෙන් ගිලන්රථ.

0
334

Benz හා Airbus යන සමාගම් විසින් දිවයින පුරා ක්‍රියාත්මක වන ගිලන්රථ සේවාවක් ඇති කිරීම සදහා ආයෝජනය කිරීමට එකගත්වය පලකර තිබෙනවා. මෙම ගිලන්රථ සේවාවන් ගොඩබිමින්හා ගුවනින්ද ක්‍රියාත්මක වීමට නියමිත බවයි වාර්ථා වන්නේ.

සෞඛය අමාත්‍ය රාජිත සේනාරත්න මහාත් පසුගිය දිනයේදී ජර්මනියේ සංචාරයේ නිරත වෙමන් මෙම සාමමු වල ප්‍රධානීන් සමග පැවැත්වූ සාකච්ඡාවන්තලදී මෙම එකගතාවයන් සදහා එකගවී තිබෙනවා.
ඒ අනුව Airbus සමාගම විසින් ස්වභාවික ආපාදාවන් හා විපත් අවස්ථාවන්වලදී රෝගීන් ප්‍රවාහනය සදහා භාවිතයට ගතහැකි වන හෙලිකොප්ටර් 24ක් මෙරටට ලබා දීමට පොරොන්දු වී තිබෙනවා. ඒ අතරම Benz සමාගම විසින් ගිලන්රථ 1050ක් හා අපාදා අවස්ථාවන්ට ගැලපෙන විශේෂිත රඨ 240ක් ලබා දීමට එකගත්වය පල කල බවයි අමාත්‍යවරයා සදහන් කර සිටින්නේ.එලෙසම මෙම සේවාවන් ලබදීම සදහා වන සේවකයන් හට අවශ්‍ය කරන මූලික පුහුණුව ලබා දීමටත් Benz සමාගම එකගත්වය පල කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here