නූල් සොරුන් හසුවේ

0
54

DSC05271මීගමුව පොලීසියේ අපරාධ අංශය  විසින්  මීගමුව කඩුවැල්ලේ ගම පිහිටි ‘සී සෙල් ‘ ෆැක්ටරියේ සිදුවී ඇති නූල් සොරකමක් සම්බන්ධයෙන් වැටලීමක් සිදුකර තිබේ.  මෙම ‘ සී ෂෙල්‘ ෆැක්ටරියේ නූල් අඩුවීමක් සම්බන්ධයෙන් පොලීසියට කළ පැමිණිල්ලක් අනුව පරීක්ෂන මෙහෙයවා ඇති අතර මෙම සොරකමට සම්බන්ධ පුදගලයන් තිදෙනෙකු සොයාගෙන තිබේ. ඒ අනුව සී ෂෙල් ආයතනයේ ගබඩාවේ සේවය කළ පුද්ගලයෙකුත් , එහි රියදුරෙකුත් එකතුවී මෙම සොරකම සිදුකර ඇති අතර  තවත් පුද්ගලයෙක් මෙම සොරකම් කළ නූල් මිළදී ගෙන  තිබේ.   සොරාගත් නූල් තොගය විකුණා ඇත්තේ ජා ඇල ප්‍රෙද්ශයෙකුට වන අතර එම පුද්ගලයාගේ නිවසට ගොස් බලන විට එහි තිබී ලක්ෂ 05 විටිනා සොරාගත් නූල් තොගයක් හමුවී ඇත.  සී ෂෙල් ආයතනයේ නැතිවූ නූල් තොගයේ වටිනාකම ලක්ෂ 05ක් පමණ වන බව පොලිසිය සඳහන් කරන ලදී.
මෙම පුද්ගලයන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම වැටලීම  මීගමුව පොලීීසියෙ අපරාධ අංශයේ ස්ථානාධිපති සජිත් රත්නායක , උප පොලිස් පරීක්ෂක ටී.එම්.එස් රාජපක්ෂ, ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකරන ලදී.
DSC05261 DSC05270
ඡායා – එම් ඉෂෙඩ් සාජහාන්