නේපාලයේ අවැතන්ව සිටින ශ්‍රිලාංකිකයන් ගේන්න ගිය යානයේ කාර්මික දෝෂයක් ?

0
109

air force planeනේපාලයේ ඇති වු   භූකම්පනය නිසා එරට කොටු වී සිටින ශ්‍රී ලාංකිකයෝ  35 දෙනෙක් රැගෙන ඊයේ මධ්‍යම රාත්‍රියේ මෙරටට පැමිණීමට නියමිතව තිබු  ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් සී 130 දරණ  ගුවන්යානය  ඊයේ නොපැමිණි අතර එය අද සවස් වන විට යළි මෙරටට ලඟා වීමට සැලසුම් කර ඇති බව ,ලංකාදිප වෙබ් අඩවිය අද වාර්ථා කර තිබුණි.

අදාල ගුවන් යානය  විශේෂඥ වෛද්‍යවරුන් 4  දෙනෙක්  ඇතුළු 48 දෙනෙකුගෙක් යුත් කන්ඩායමක් සහ සහනාධාරද රැගෙන ඊයේ අළුයම පහට  නේපාලය බලා  කටුනායකින් පිටත්ව ගියේය.

නේපාලයේ සිර වී සිටින ශ්‍රී ලාංකික  ක්‍රීඩා කණ්ඩායමක සාමාජිකයෝ පිරිසක් ඇතුළු ශ්‍රී ලාංකිකයෝ 35 දෙනෙක් එම ගුවන් යානයෙන්  මෙරටට පැමිණීමට බලාපොරොත්තුවෙන් එහි සිටිති.
එමෙන්ම පසුගිය රජයේ පැවැති මර්ධනය හේතුවෙන් නේපාලයට ගොස් දේශපාලන රැකවණ මත සිටින මාධ්‍යවේදින් තිදෙනෙකුද මෙම ගුවන් යානයෙන් මෙරටට ඒමට සියලු කටයුතු සුදානම්කරගෙන සිටියද නේපාලයේ සිටින ශ්‍රි ලංකා තානාපතිවරයාගේ අමානුෂික ක්‍රියාකලාපය හේතුවෙන් එයට ඉඩක් ලැබි නැතැයි වාර්ථා වේ.

අදාල  ගුවන් යානය  ඊයේ සවස 6 ට පමණ නේපාලයෙන් ගුවන්ගත කිරීමට සැලසුම් කර තිබු මුත්  යානයේ ඇති වු තාක්ෂණික දෝෂයක් මත යානය ගුවන් ගත නොකිරීමට තීරණය කර තිබේ.ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ උසස් නිලධාරියෙකු පැවසූවේ අදාල තාක්ෂණික  දෝෂය නිවරැදි කරගෙන අද යළි මෙරටට පැමිණීමට බලාපොරොත්තුවන වන බවයි.
(ලංකාදිප ඇසුරිනි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here