නේපාලයේ ජනතාවට ශ්‍රී ලංකාවෙන් මානුෂීය ආධාර

0
59

නේපාලයේ ශ්‍රී ලංකා තානාපති ස්වර්ණා පෙරේරා විසින් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් එරට ජනතාවට අමෙරිකානු ඩොලර් 50, 000 ක මානුෂීය ආධාරයක් පිරිනැමීමට නියමිතය. මේ වන විට නේපාලයේ ජනතාව ගංවතුර හා නායයාම්වලින් දැඩි ලෙස පීඩාවට පත්ව සිටී.
පසුගිය දිනවල එරටට ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාවේ ප්‍රතිඵලයක් ලෙස ඇතිවූ ගංවතුර හා නායයාම් වලින් දිස්ත්‍රික්ක 35 ක ජීවිත රැසක් අහිමිවී, දේපළවලට දැඩි අලාභ හානි සිදුවිය. ඉන් මිලියන 1.7 කට අධික ජනතාවකට බලපෑම් සිදුවී, නිවාස 4, 000 කට අධික සංඛ්‍යාවක් විනාශ වී ඇති අතර 190, 000 කට වැඩි නිවාස සංඛ්‍යාවකට අලාභ සිදුව තිබේ. nepal-floods-reuters_650x400_41503908981