නොනිස් පියතුමා ධීවර සටන හෑල්ලු කරයි.???

0
60

ඉන්ධන මිල ඉහල දැමිමට එරෙහිව අරගල කරන ධීවරයන් එසේ කරන්නේ කාගේ හෝ ඉගැන්නුම් බහකටයි කියන්නට හැක්කේ කාටද??? එසේ කියන්නා හිට ගන්නේ කාගේ පැත්තේද?

ඉන්ධන මිළ රු 35 කින් ඉහල ගිය පසු එයට විරෝධය පල කරන්නට කව්රුවත් උසු ගන්වන තුරු බලා සිටිය යුතුද..??

මීගමුවෙ දිසාවේ ධීවර කටයුතු භාර ලෙස්ටර් නෝනිස් පියතුමා මේ දිනවල ධීවරයන්ගේ අරගලය එන් ජි ඕ කාරයන්ගේ සහ ජයලත් ජයවර්ධනලාගේ වැඩක් යැයි කිමෙන් පැහැදලි අවමානයක් කරතිබෙන්නේ මරාන්තික අරගලයක් කළ ධීවර ජනතාවටය.

ධීවර පවුලක ඉපදුන ලෙස්ටර් පියතුමා ආරක්ෂා කරන්න හදන්නේ කාවද….

අප ඔහු ගැන මුලින්ම දැනගන්නේ සී ප්ලෙන් අරගලය තුලදිය.ඒ පළමු හමුවේදිම ඔහු ධීවරයන් වෙනුවෙන් මරාගෙන මැරෙන්නට වුවත් සුදනාම් යැයි කිවේය.මීගමුව කලපුවට සි ප්ලේන් ආවොත් තමන් දිවි හිමියෙන් එයට එරෙහිව සටන් වදින බවට එදා ධීවර ජනතාව ඉදිරියේ සපථ කළේය.

එහෙත් පසුව ඔහු සටන අතහැරියේය.එදා ඒ සටන ජයගත්තේ මීගමුවේ සිවිල් හා ධීවර සංවිධානාත්  නිර්භිත හා ප්‍රතිපත්ත ගරුක කතෝලික පියතුමන්ලා පිරිසකුත් නිසාය.මේ සටනින් පසු ලෙස්ටර් නොනිස් පියතුමා ධීවරයන් හරිහැටි මුහුන දි ගන්නට බැරි ගානට වැටුනි. ධීවර ජනතාව ද ඔහු සටහන අතහැරිම ගැන කළකිරි සිටියේය.

මේනිසාම මෙදා ධීවර අරගලයේ පළමු දිනයේ පෙරියමුල්ල රේල් ගේට්ටුව අසල පැවැති දැවැන්ත විරෝධතාවයේ යෙදුන ධීවරයන්ට දැන් ඇති ගෙදර යන්න යැයි පෙරළුන බෝට්ටුව මතට නැග මෙගපෝනයෙන් කියා සිටියද කිසිවෙක් ඒ බස තඹපයිසෙකට ගනන් ගත්තේ නැත.

එපමණක් නොව ධීවරයන්ට ගෙදර යන්න යැයි කිමෙන් පසු එතුමා හොද හැටි ලුණු ඇඹුල් ඇතිව ධීවරයන්ගෙන් අහගත්තේය. ඔහුගේ මුහුණද ඇඹුල් වි ඇති බව අප දුටිමු. මේ සියල්ල අපේ කැමරාකාච වල සටහන්ව තිබේ.ඒවා අපේ වෙබ් අඩියෙන් දැක ගත හැකිය.

නොනිස්  පියතුමා ධීවරයන් මෙසේ හැල්ලු කරද්දි ඊයේ මීගමුව නගරයට රැස්වු ධීවර කාන්තාවන් පැහැදිලි ලෙස කියා සිටියේය මේ අරගල පිටුපස කිසිවෙක් නැති බවය.එපමණක් නොව කඩොල් කැලේ දේවස්ථානයේ ලින්ටන් පියතුමාද පැහැදිලිව සනාථ කරමින් පවසා සිටියේ කිසිදු දේශපාලන සංවිධානයක් මේ පිටුපස නොමැති බවය.