නොමිලේ සිදුකරන රුධිර පරික්ෂා වැඩසටහනට රවිකුමුදේශ්ලා එරෙහි වුනේ ඇයි ?

0
115

Thamita 100යුධ හමුදාව විසින් දැනට මීගමුව තම්මිට දේවස්ථාන භුමියේදි පවත්වාගෙන යන 24 පැයේ නොමිලේ සිදුකරනු ලබන ඩෙංගු පිළිබදව රුධිර පරික්ෂා වැඩසටන මීගමුව රෝහල් භුමිය තුලදිම පවත්වාගෙන යාමට කටයුතු සැලසුම් කරද්දි වෛද්‍ය රසායනාගාර විද්‍යා සංගමයේ සභාපති රවි කුමුදේශ්ලා එයට එරෙහිව ඇති බැව් වාර්ථා වේ
.මේ හේතුව නිසා මීගමුව තිල්ලන්දුව පල්ලියේ සදසිරි පියතුමාගේ සහ එහි මිසම් සේවක සභාවේ පුර්ණ අනුග්‍රහය මත දැන් එය තම්මිට පල්ලිය තුල ක්‍රියාත්මකය.Thamita 101FB_IMG_1499023790932
මීගමුවේ ජනතාව පත්ව ඇති තත්වය හමුවේ රවිකුමුදේශ්ලා මිනිසුන්ගේ ජිවිත හා සෙල්ලම් කිරිමට තම වෘත්තිය සමිති බලය අති තුච්ච ලෙස භාවිතා කිරිම ගැන අපට ඇත්තේ මහත් පිළිකුලකි.ඒ හා සමානවම රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයද කටයුතු කරද්දි එයට එරෙහිව ප්‍රකාශ නිකුත් කරනු ලබන රවිකුමුදේශ්ලාට සිය මුග්ධ තින්දු නිසා අසරණ දුප්පත් රෝගින් පත්ව ඇති අසරණ තත්වය තේරුම්ගැනිමට නොහැකි විම ඇත්තටම ලැජ්ජාවට කරුණක් පමණක් නොව වෘත්තිය අචාරධර්ම පිළිබදව ප්‍රශ්ණයක්ද වේ
මේ රටේ වෘත්තිය සමිති රෝගින්ගේ ජිවිත හා සෙල්ලම් කරන අයුරු ගැන රටට ලෝකයාට කියා සිටින්නට මෙය තවත් කදිම උදාහරණයකි.
මේ පිළිබදව අදාල වෘත්තිය සමිතියේ මතය දැනගැනිම සදහා එහි සභාපතිවරයාව අවස්ථා කිපයදිම අමතා සිටියද එය අසාර්ථක විය.
මීගමුව තුල දැනට උද්ගතව ඇති ඩෙංගු වසංගත තත්වය හමුවේ පැය 24 පුරාම නොමිලේ සිදුකරනු ලබන මේ රුධිර සාම්පල පරික්ෂා වැඩසටහන ජනතාවට මහත්වු අත්වැසිල්ලකි.
දැනට දිනක 400 ක් ඉක්මවු උණ රෝගින් පිරිසක් එහි සේවය ලබති.

 

 

Save

Save