නෝම්බි දවස්වල මුස්ලිම් ජනයාට ”පෝලියෝ” පොවන්න හදිස්සි වුනේ ඇයි?

0
57

pk rfg 2මීගමුවේ මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය සහ වංසගත රෝග ඒකකය එක්වි 2014 ජුලි 11 වන සිකුරාදා දිනයේ මීගමුව අවට වෙසෙන පාකිස්ථානු සරණාගතයන් සදහා පෝලියෝ එන්නත ලබාදෙන්නට කටයුතු සංවිධානය කර තිබුණි.
දැනට ප්‍රශස්ත ලෙසින් ශ්‍රි ලංකාව තුල පාලනයට ලක්කර ඇති පෝලියෝ රෝගය නැවත හිස එසවිමට ඇති ඉඩ සපුරා වලකාලිම මෙම පාකිස්ථානු සරණාගතයන්ට කඩිමුඩියේ පෝලියෝ ලබාදිමට කල්පනා කළා විය යුතුය.

එහෙත් මෙහිදි මතුවු ගැටළුව වන්නේ මහත් භක්තියෙන් යුතුව නිරාහාරව නෝම්බි භක්ති අභ්‍යාසයේ යෙදෙන මුස්ලිම් ජනයා හට පෝලියෝ ලබාදිමට අදාල බලධාරින් විසින් ගෙන තිබුණ තින්දුවයි.
මෙහිදි මතුකළ යුතු අනෙක් කරුණ වන්නේ ඒ කටයුත්ත සදහා සිකුරාදා දිනයක්ද යොදාගෙන තිබිමයි.
සෑම මුස්ලිම් ආගමිකයෙකුම දහවලේ සිය පල්ලිය වෙත ගොස් ආගමික කටයුතු වල යෙදෙන්නේ සිකුරාදා දිනයේය.මේ ගැන සිතා බලන්නට තරම් සාමාන්‍ය අවබෝධයක් මේ බලධාරින්ට නොතිබුනේද ? නැතිනම් කොළඹින් මේ කටයුත්ත සදහා පැමිණි ඉහල නිළධාරින් විසින් ලබාදුන් දිනය ගැන පමණක් සිතා මේ නිගරුව සිදුකළාද ?
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමට පිළිතුරු දුන් මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි විජේලත් මහතා පවසා සිටියේ නෝම්බි තිබුණද සරණාගත ජනයා 600 ක් පමණ පැමිණ පෝලියෝ ලබාගත් බවය.