පක්ෂ භේදයකින් තොරව අවශ්‍යම අයට අපි සිමෙන්ති බෙද්දා – රොයිස් කියයි

0
108

සිමෙන්ති බෙදාදිම 1peopleඅපි අද දවසේ පක්ෂ භේදයකින් තොරව සිමෙන්තිවල අවශ්‍යතාව තියෙන පවුල් තොරගෙන ඒ අය හැමොටම සිමෙන්ති බෙදනවා.
කලින් සැරවල මේ නගර සභා භුමියේ එළුවෝ කුකුල්ලු ගෑස් කුකර් බෙදුවේ එක පක්ෂෙක අයට විතරයි.
නමුත් අපි අද ඒ ක්‍රමය වෙනස් කරල තියෙනවා.
එජාප මීගමුව ආසන සංවිධායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රි රොයිස් විජිත් මේ බව කියා සිටියේ 2016 මැයි 07 වනදා මීගමුව මහනගර සභා භුමියේදි පැවැති අඩුඅදායම්ලාභි පවුල් වෙත සිමෙන්ති බෙදාදිම වෙනුවෙන් සංවිධානය ක තිබුණ රැස්විමකට සහභාගිවෙමිනි.roies 1shrinath 2

නිවාස සංවර්ධන ආමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක අඩු ආදායම් ලාභී පවුල් වෙත සිමෙන්ති බෙදා දිමේ වැඩසටහන යටතේ එක් පවුලකට සිමෙන්ති කොට්ට 9 බැගින් පවුල් 120 ක් වෙත බෙදාදිම සිදුකෙරිණි.මේ අවස්ථාව සදහා බස්නාහිර පළාත් සභා මන්ත්‍රි සහ මීගමුව එජාප නාගරික මන්ත්‍රි මණ්ඩලයේ සමාජිකයන්ද නිවාස සංවර්ධන අධිකාරියේ නිළධාරින්ද එක්ව සිටියහ.