පක්ෂය කඩන්න හදපු හැමෝම විනාශ වුනා-රොයිස් විජිත කියයි.

0
144

IMG_20200702_172253IMG_20200702_174522IMG_20200702_162252IMG_20200702_163917දිගු දේශපාලන නිහැඬියාවකින් පසුව යළිත් රොයිස් විජිතගේ ජවසම්පන්න වාග් පෙළහැර යළි ඇරඹි තිබේ.ඒ ඊයේ මිගමු එජාප කාර්යලයේදි එජාප දේශපාලන ක්‍රියාකාරින් සමඟින් පැවැති පළමු හමුවේදිය.මෙම හමුව සදහා එජාප ගම්පහ දිස්ත්‍රික් නායක හිටපු ඇමති අර්ජුන රණතුංග ,හිටපු ඇමති ජෝන් අමරතුංග ඇතුළු ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂකයන් රැසක් සහ මිගමුවේ එජාප ක්‍රියාකාරින් රැසක් එක්ව සිටියේය.ඉතාමත් විධිමත් ලෙසින් සෞඛමය නීති රිති අනුගමනය කිරිමටද විශේෂ වැඩපිලිවෙලක් යොදා තිබුණි.පක්ෂය කඩන්නට ඉතිහාසය පුරාම කටයුතු කළ සියළු දෙනා විනාශ වු බවත් එහෙත් පක්ෂය විනාශ නොවන බවත් එජාප මිගමුව සංවිධායක රොයිස් විජිත මෙහිදි වේගවත් කතාවක් කරමින් අවධාරණය කර සිටියේය.
මෙවර මහමැතිවරණයට මිගමුවෙන් ඉදිරිපත්ව සිටින නාගරික මන්ත්‍රි ගිහාන් බෙන්ජමින්, හිටපු නාගරික මන්ත්‍රි ප්‍රදිප් පිරිස් සහ හිටපු පළාත් සභා මන්ත්‍රි සාපි රහිම් ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.