පකිස්තානු සරණගාතයන් යළිත් අත්අඩංගුවට ???

0
53

DSC06165පසුගිය දිනවල අධිකරණමය මැදිහත්විම් සහ එක්සත් ජාතින්ගේ සරණාගත කොමිසම සහ ආරක්ෂක අමාත්‍යංශ අතර ඇතිවු සාකච්ජාවල ප්‍රථිපල ලෙසින් බුස්සේ මාස ගණනාවක් තිස්සේ රදවාගෙන සිටි පාකිස්ථානු සරණාගතයන් 56 දෙනෙකු පසුගිය අගහරුවාදා අලුයම මීගමුවට ගෙනත් ඇරලවා තිබුණි.
එහෙත් එදිනම සවස් වරවේ යළිත් සරණාගතයන් 15 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන දැනට මිරිහාන රැදවුම් මධ්‍යස්ථායක රදවා ඇතැයි වාර්තා වේ.
මේ අය අතර කාත්තාවන් 4 දෙනෙකු සහ කුඩා ළමුන් 3 දෙනෙකුද වන බව සැලය.
එමෙන්ම බූස්සේ රදවාගෙන සිට එදිනම අලුයම නිදහස් කළ දෙදෙනෙකුද යළිත් අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර බූස්සෙන් නිදහස් කළ සියළු දෙනාගේම ගමන් බලපත්‍රද ඔවුන් වෙත ලබා දි නැත.