පත්තර දැන්විමකින් ගෙදර වැඩට උදව්වට ආ කත,නිවෙස් රන්බඩුත් රැගෙන පැන ගිහින් !

0
189

theif 1 theif 1කොච්චිකඩේ මුරුතැන ප්‍රදේශයේ වැඩිමහළු මව්පියන් සිටින නිවසක අත්උදව්වට කෙනෙකු අවශ්‍යව තිබියදි ඔවුන් විසින් පළකරන්නට යෙදුන පුවත්පත් දැන්විමකට ඉක්මනින්ම ප්‍රතිචාර දක්වා පැමිණි කතක් විය.
ඇය කොච්චිකඩේ අවට බොහෝ අයව දන්නා බවත් තමන්ගේ සැමියාද කොච්චිකඩේ පෝරුතොට ප්‍රදේශයේම වැඩකරන බවත් කියා ඇත.
සති දෙකක් පමණ නිවසේ සියළුම වැඩකටයුතු කරමින් මහළු අයගේ මෙන්ම ඒ අයගේ දරුවන්ගේද හිත දිනාගත් ඇය දිනක් පවසා තිබුනේ කොච්චිකඩේ රන්බඩු උගස් මධ්‍යස්ථානයක ඇති රන්බඩුවක් බේරාගැනිම සදහා උපකාරයක් අවැසි බවත් ඒ මුදල සිය මාසික දිමනාවෙන් අඩුකරගන්නා ලෙසත්ය.
ඇගේ මෙම ඉල්ලිමට කාරුණිකව ප්‍රතිචාර දක්වා තිබුණ මහළු දෙමව්පියන්ගේ දුවක් ඇයත් සමගින්ම ගොස් ඇයට රුපියල් 45000 ක් ලබාදි තිබුනේ ආදාල උගස්බඩුව බේරාගන්නටය.
ඇය උගස් බඩුව බේරාගත් බව කියමින් මාලයක් සහ පැන්ඩනයක්ද පෙන්වා ඇත.
කෙසේ වෙතත් පසුදින සවස් යාමයේ ඇය නිවසේ සියළු වැඩ නිමවා කියා ඇත්තේ පිටිපස්ස පැත්තට ගොස් ඇගසොදාගන්නට අවැසි බවය.
පැයක්  පමණ ගියද ඇය පැමිණ තිබුනේ නැත.
පසුව ඇය  සොයා බලන විට ඇගේ ඇදුම් බැගයද තිබුනේ නැත.
එපමණක් නොව නිවසේ වටිනා රණ්බඩු කිපයක්ද නැති බව පසුව නිවැසියන් දැනගන්නට ලැබි තිබුණි.
මෙම සිදුවිම දෙස බලන විට ඇය මේ සියල්ල ඉතාමත් වෘත්තිය මට්ටමින්ම සැලසුම්කර ඇති වෘත්තිය මට්ටමේ හෙරකි.
පත්තර වලින් දැන්විම් දමා නිවෙස්වල වැඩට ගත් මෙවැනි අය විසින් පසුගිය කාලය තුල රන්බඩු මුදල් හදල් පමණක් නොව මිනිමරුම් සිදුකර තිබුණ බවට තොරතුරු එමටය.
මෙවැනි වෘත්තිය මට්ටමේ හොරකම් සැලසුම් කරන අය ගැන නිවැසියන් මහත් විමසිල්ලෙන් කටයුතු කළ යුතුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here