පදික මං තීරු නිදහස් කරදෙන ලෙස මීගමුව ජේෂ්ඨ පොලිස් අධිකාරි තුමන්ට ඉල්ලිමක් !

0
107

NGB cityමීගමුව නගර මධ්‍යයේ පවත්වාගෙන යනු ලබන බොහොමයක් ව්‍යාපාර ස්ථානයන් විසින් පදික මංතිරු පවා භාවිතා කරමින් තමන්ගේ ව්‍යාපාරික ස්ථානයේ බඩුබාහිරාදිය තබා තිබිම හේතුකොට ගෙන පදිකයන් මහත් අපහසුවකට පත්ව ඇති හෙයින් ඒ ගැන සොයා බලා පදිකන්ගේ ගමන් පහසුව අරක්ෂා කර දෙන ලෙසට වන ඉල්ලිමක් පසුගිය දිනක මීගමුව ජේෂ්ඨ පොලිස් අධිකාරි තුමන් වෙත සිදුකර තිබුණි.
මීගමුව සංවර්ධන පදනම හා පැවැති විශේෂ හමුවකදි මේ කරුණ ගැන අවධාරණය කර තිබුණි.
එමෙන්ම නගරයේ වෙනත් ස්ථානවලදි පවා පදික සිමාව දක්වා ඇති සුදු ඉරට මෙහා කොටස පවා ව්‍යාපාරිකයන් විසින් භාවිතා කරමින් තිබිම ගැන මෙහිද කරුණු දක්වා සිටි අතර ඒ ගැන වහාම ක්‍රියාත්මක වන බවද ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් මීගමුව සංවර්ධන පදනමේ නිළධාරින් වෙත කියා ඇත.