පමා වි හෝ මීගමු රෝහල රැකගන්නට ජනයා පෙරට එන ලකුණු ?

0
134

20150605_170933මීගමුව පට්ට පසුගාමිය. බහුතරයක් දෙනා සිටින්නේ වගේ වගක් නැතිවය. අපිව උගස් තියා දේශපාලකයන් බූරු ගහන්නේ නම් ඒත් කම් නැත.
මීක් නොකියති.
හලාවත පුත්තලම් මාර්ගයේ තරුණියක බසයකට යට කර මරා දැමිමේ අනුවේදිනිය සිදුවිමකින් පසුව එහි ජනයා එක්ව ඒ ගමන් මාර්ගයේ සියලු බස් රථ නවත්වා රියදුරන්ට සහ කොන්දොස්තරලාට ඒ හරහා යළිත් වේගයෙන් ධාවනය නොකරන්නේ යැයි පොරොන්දු ගැනිමෙන් පසුව පමණක් ඔවුන්ට යන්නට ඉඩ සලසා දි තිබුණි,
එහෙත් පසුගිය දිනක කුරණ කටුනායක ප්‍රදේශයදෙි බස්නැවතුම්පලක රැදි සිටි යුවලක් බස්නැවතුමද සමගින් යටකළ බස් රථයේ ඒ අමනයන්ට එරෙහිව කිසිදු විරෝධයක් මතු කර තිබුනේ නැත,
මේ නිසාම අප දකින්නේ මීගමුවේ බහුතරයක් දෙනා සංවේදි නැති අපතයන් බවය.
අළුතින් ඉදිකරන ලද සත් මහල් රෝහල් ගොඩනැගිල්ලක් වසර 13 ක් වැනි සුළු කාලයකදි කඩාවැටෙන්නට යන්නේ නම් එහි බරපතල කම කෙබදුද ?
මේ රෝහලෙන් සිය පණනල ගැටගසාගන්නා මීගමුවේ ජනයා  මේ අරභයා කිසිදු විරෝධයක් දක්වා තිබුනේ නැත,
මේ නිසාම පාලකයන්ටද පැමිනිමට නියමිත අවධානම ගැන වගේ වගක් නැතිව සිටින්නට හැකියාව ලැබි තිබුණි,
කෙසේ වෙතත් තත්වය තවත් බරපතල වන විට පාරට බසින්නට සිදුවුයේද රෝහල් සේවක කාර්ය මණ්ඩලයටමය.
කෙසේ වෙතත් කලින් ඇහැරුන කිසියම් පිරිසක් විසින් ජුනි 17 වනදා උදේ 11 ට මීගමුව රෝහල ඉදිරිපිටදි සාමකාමි විරෝධතාවක් සංවිධානය කර ඇතැයි වාර්ථා වේ.
ඒ සදහා කතෝලික පල්ලිය ඇතුළුව අනෙක් සියළු ආගම්ද එක්විමට නියමිතය,
මේ විරෝධතාවය දැනුම් දිම මීගමුවේ සියළුම ඉරුදින දිව්‍ය පුජාවන්හිදි සිදුකර ඇති බවද සැලය.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here