පරිභෝජනයට නුසුදුසු ආහාර ගබඩාව මීගමු බලධාරින් නොදැන සිටියාද ??

0
94

5123මීගමුව අධිවේගයෙන් වානිජකරණය කරා ගමන් කරමින් තිබේ. කොළඹ කෙන්ද්‍රකොට ගත් සකලාකාරයේ වෙළද ඒකකයන්ගේ ශාඛාවන් සියලලක්ම පාහේ මීගමුව තුල ස්ථාපිත වෙමින් තිබේ.
ඒ නගරයක වානිජ දියණුව පිළිබද එක් නිර්ණායකයකි.
එහෙත් මේ දියණුවට සාපෙක්ෂ්කව එය දැරිමට මෙන්ම එකි තත්වයන් නිසි අයුරින් කළමණාකරණය කරගනිමින් එහි වාසිය නගරයේ සමස්ථ සංවර්ධනය වෙත ගෙනඒමට පවතින ප්‍රධාන බාධාවන් දෙකක් පවති.
එකක් වන්නේ දියණුවක මං නිසි ලෙසින් කළමණාකරණය කර ගැනිමට තරම් පරිචයක් හෝ අධ්‍යාපනික සුදුසුකම් සහිත දේශපාලන අධිකාරියක් මීගමුවට නොමැතිවිමයි.
මේ නිසාම තමන්ගේ බඩවියැත වෙනුවෙන් සියල්ල පරදුවට තියන්නට ලැස්ති මේ දේශපාලන අධිකාරිය නගරයේ සංවර්ධන නිතැතින්ම තබනුයේ දෙවන තැනකය.
තමන්ට අවැසි ගතමන්ට් එක නොලැබෙන්නේ අදාල ව්‍යාපාරික ස්ථානය ඉදිරිපිටදිම සරම උස්සා චණ්ඩියන්ට ඇදිමට මේ අය පසුබව වන්නේ නැත.
මෙවන් දේශපාලන අධිකාරිය ඇසුර හා ඇවැසි ආවතේවකම් සපයමින් හැදි වැඩුන පරිපාලන අධිකාරියද දැන් කටයුතු කරන්නේ ඇදේට යන ලොකු කකුළුවන් අනුව යමිනි. මේ නිසා තමන්ට ගාන නොකැපේ නම් වැඩ පමාව ව්‍යපාරිකයන් හට දෙනු ලබන දඩුවමයි.
එක්තරා සුපිරි වෙළද සැල් ජාලයක මුහුදු ආහාර සැකසුම් මධ්‍යස්ථානයක නව ගොඩනැගිල්ලක් අරඹයා මීගමුව මහනගර සභාවේ ඇතැම් නිළධාරින් කටයුතු කර තිබුන අකාරය අප කලින් වාර්ථා කළෙමු.
එහිදි ඔවුන් ප්‍රසිද්ධියේ මුදල් ඉල්ලා තිබුණි.
තවත් එක් උදාහරණයක් සපයනු කැමැත්තෙමු.
එනම් මීගමුව මහනගර සභාව ඉදිරිපිටම ඇති කාර්ගිල්ස් සුපරි වෙළද සැලට ඇතුළු විමේදි එහි බෝක්කු කැට අබලන්ව ගොස් දැන් සෑහෙන කාලයකි.එහෙත් ඒවා පිළිසකර වන්නේ නැත.
මෙවන් නිදසුන් තවත් ඕනෑ තරම් සපයන්නට අපට හැක.
දැන් තවත් නිශ්චිත කරුණක් වෙත අවධානය යොමු කරමු.
මීගමුවේ හෝටල් වර්ගිකරණය සදහා H800 නමින් විශේෂිත වැඩපිළිවෙලක් මීගමුව මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක අංශය විසින් අරඹන්නට යෙදුනේ දැන් වසර 7 කටත් පෙර සිටය.
මීගමුවේ සිටි කිර්තිමත් ව්‍යාපාරිකයෙකු වු නැසි ගිය කැල්ටන් ව්‍යපාරයේ අධිපති සෝමචන්ද්‍ර සිල්වා මහතා වැනි ව්‍යාපාරිකයන් පවා මීගමුවේ හෝටල් වර්ගිකරණ වැඩසටහන සදහා නොමඳ සහයක් ලබාදුණි.
හෝටල්වල සේවකයන් කැදවා පැවැත්වු වැඩමුළු ගණනාවකදිම ඒ අය වෙත නොමිලේ ආහාර පාන ලබාදෙන්නට ඔහු කටයුතු කලේය.
එහෙත් ඔහු මිය යන තුරුම ඔහුගේ එකදු කැල්ටන් හෝටලයක හෝ A ශ්‍රේණියේ යැයි සදහන් නාමපුවරුවක් එල්ලා තැබිමට නොහැකි වන්නේ මීගමුවේ මහජන සෞඛ්‍ය පරික්ෂක අංශයේ මේ බාලගිරිදෝෂය නිසාවෙනි.
මේ සම්බන්ධයෙන් අප අවස්ථා ගණනාවකදිම මීගමුවේ MOH ගෙන් විමසා සිටියදි ඔහු පවසා සිටියේ එය ඉක්මනින් ක්‍රියාත්මක කරන බවය.එහෙත් මේ ප්‍රකාශයන් වලට දැන් වසරකටත් වඩා කල් ඉක්මව ගොසින්ය.
මේ පසුබිම යටතේ මෑතකදි අල්ලා ගනු ලැබු මිනිස් පාරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය විශේෂයෙන්ම සැමන් වර්ග ගබඩා කර තිබු අයාතනය ගැන මීගමුවේ අදාල බලධාරින් නොදැන සිටියේද ???

Pics- by -M.Z.Shahajan