පරිසරය වනසපු ඇමතිලා අද ( මාර්තු 04 ) මිගමුව කලපුවේ කඩොල් සිටුවිමේ මාධ්‍ය සංදර්ශණය කල්දමති ?

0
76

lanza - chandrasemaපරිසරය වැනසිම පිලිබදව කුප්‍රකට ඇමතිවරුන් දෙදෙනෙකු විසින් අද ( මාර්තු 04 ) වනදා මිගමුවේ කලපුවේ දුපතක කඩොලාන සිටුවිම හරහා පවත්වන්නට ගිය මාධ්‍ය සංදර්ශනය නොවැලැක්විය හැකි හේතුවක් නිසා කල් දමා ඇති බව වාර්ථාවේ.
කෙසේ වෙතත් ඇමතිලා කරන්නට ගිය මාධ්‍ය සංදර්ශනයට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේද දැඩි විවේචනයක් එල්ල වි තිබුණි.

නිමල් කඩොල්

මිගමු කලපුවේ විල්සන් දූව යන දුපතේ අද මාර්තු 04 පෙ.ව 8.00ට මෙම මාධ්‍ය සංදර්ශනය සංවිධානය කර තිබුණ අතර එහි සංවිධාකයන් විසින් මාධ්‍ය ආයතන වෙත දන්වා ඇත්තේ එය කල්දමා ඇති බවය.
මනාප වෙනුවෙන් කඩොලාන පරිසරයක ක්‍රිඩාපිටියක් හදා දිමට එදා ධිවර රාජ්‍ය ඇමතිවරයා වු සනත් නිශාන්තව මිගමුවට කැදවා සිදුවු  දැවැන්ත දේශපාලන අකරතැම්බය නිසා පරිසරය විනාශ කිරිම ගැන දැනමටත් දැවැන්ත විරෝධයකට ලක්ව සිටින පරිසරය ඇමති නිමල් ලංසාගෙන් පරිස්සම් විය යුතුයැයි සිතා මේ ගමන කල්දැමුවා වන්නට පුලුවනැයි නම සදහන් කිරිමට අකැමැති මිගමුවේ ජේෂ්ඨ පොහාටේටු ක්‍රියාකාරියෙකු මිපුරට කියා සිටියේය.

 

සබැඳි ලිපි

පරිසරය වනසපු ඇමතිලා දෙපලක් හෙට කඩොල් හිටවන්න මිගමුව කලපුවට ?