පල්ලියයි දෙයියන්වයි එකවර රවට්ටන කපිලගේ ඩබල් ගේම් ?

0
207

kapila 1kapila 4kapila 7kapila 8kapila 10 කපිල නන්දසුලෝදන යනු පෙරියමුල්ල නියෝජනය කරනු ලබන මීගමුව මහනගර සභාවේ ආණ්ඩු පක්ෂ නාගරික මන්ත්‍රිවරයාය.
ඔහු සම්බන්ධයෙන් දැනට වසර ගණනාවක සිට එල්ලවෙමින් ඇති එක් ප්‍රබල චෝදනාවක් වුයේ මහනගර සභාවේ කම්කරුවන්ගේ ඔහුගේ විවිධ පුද්ගලික වැඩකටයුතු සදහා යොදවාගැනිම් පිළිබදවය.
මේ ඇතැම් චෝදනා වලින් කියැවුනේ මේ නාගරික මන්ත්‍රිවරයා විසින් තමන්ගේ නිවස අතුගාගැනිමට මෙන්ම කඩේ යන්නටද මේ කම්කරුවන් යොදවාගෙන ඇති බවය.
මෙවර චෝදනා එල්ලව ඇත්තේ පෙරියමුල්ලේ දෙව්මැදුරේ මංගල්‍යය සදහා තොරණක් නිර්මාණය කිරිම සදහා මෙසේ කම්කරුවන් යොදවා ගැනිම සම්බන්ධයෙනි.
මේ සම්බන්ධයෙන් කරන්නට යෙදුන විමර්ශණයකදි දැනගන්නට ලැබුනේ අදාල සේවකයන් භාරව සිටින සුපවයිසර් වරුන් විසින්ද මේ බව සනාථා කර තිබෙන බවය.
දැන් මෙහිදි මතුවෙන එක් ප්‍රබල ප්‍රශ්ණයක් වේ.
පළාත්පාලන නිතියට එරෙහිව තමන්ගේ පුද්ගලික උවමනාවන් වෙනුවෙන් කම්කරුවන් සේවයේ යොදවා මේ දිනවල ඔහු හොද නම ලබාගෙන ඇත්තේ පෙරියමුල්ල පල්ලියෙනි.
මෙවර පල්ලියේ තොරණ් කටයුතු සදහා පල්ලියේ පියතුමන්ලා ඇතුළු කන්‍යාසොහොයුරියන් එක්කෝ දැන හෝ නොදැන කර ඇත්තේ බරපතල වරදකි.
එනම් පල්ලියේ අලංකරණය වෙනුවෙන් නිතිවිරෝධි ශ්‍රමයක් එක්කරගැනිමෙනි.
එපමණක්ද නොව පෙරියමුල්ල පල්ලිය මෙන්ම කන්‍යාරාමයටද අවස්ථා ගණනාවකදි කපිල මන්ත්‍රිවරයාගේ මේ දහම් ගැට ලිහාගැනිම සදහා ඇප කැප වන්නට සිදුවිය.
වරක් කන්‍යාරාමයේ පාරට බොරළු ඇතිරිම සදහා යැයි කියමින් ලක්ෂ ගාණක් කපිල විසින් ලබාගෙන තිබුණි.
පසුව ඒ ගැන විමර්ශණයන් සිදුවෙද්දි කන්‍යාරාමයේ ප්‍රධානින් හට සිදුවුයේ තමන්ට එසා මුදලක බොරලු බාන ලදැයි කියමින් ලියුම් දෙන්නටය.
පෙරියමුල්ල පල්ලියේ වාර්ෂික මංගල්‍යය අතිඋත්කර්ෂවත් අයුරින් හෙට දිනයේ පැවැත්විමට නියමිතය.
කපිලගේ නමද මෙහිදි ඉහලින්ම වර්ණනාවට බදුන් වනු ඇත.
එහෙත් මේ හැමෝටම අමතක වන දෙයක් ඇත.
එනම් කපිල සිය දේශපාලනය සහ තවත් ඩීල් වෙනුවෙන් දෙයියන්වත් පල්ලියත් ප්‍රයෝජනයට ගන්නා අපුරුව පිළිබදවය.
මේවා ඉදිරියේදි විගණන විමර්ශන වාර්ථා ලෙසින් යහපාලන රජයක් යටතේ දිගහැරෙද්දි පල්ලියේ පියතුමාට පමණක් නොව කන්‍යරාමයේ සෙහොයුරියන්ටද වගඋත්තර කියන්නට සිදුවනු ඇත.

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here