පල්ලිවල සුරුවම් පවා උස්සන් යන තැනට අද මීගමුව පත්කලේ කව්ද ?

0
535

සා.අන්තෝනි 1මීගමුව දළුපොත සා.අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේ සුරුවම ඊයේ රාත්‍රියේ හොරෙකු විසින් පැහැරගෙන ගොස් තිබියදි කට්ටුව ප්‍රදේශයේ හැමිල්ටන් ඇල අසල ලැහැබකින් එය සොයා ගෙන තිබේ.
සොරකම සදහා පැමිණ ඇති තැනැත්තා CCTV කැමරාවද මගහරිමින් ගොස් ඇති බව පොලිස් පරික්ෂණ වලදි හෙළිව තිබුනද කැමරා පද්ධතියේ වන රූපකිසිසෙත්ම පැහැදිලි නැතැයිද වාර්ථා වේ.
දළුපොත යනු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් රැසක් සිටින ප්‍රදේශයකි.
දශකයකට ආසන්න මීගමුව නගර පාලනය අද දිනදි අවසන්විමට නියමිතය.
එහෙත් ඒ පාලනය විසින් මීගමුවට අත්පත් කර දි ඇති චිකාගෝ පන්නයේ වැඩ තවදුරටත් මීගමුව විනාශය කරාම ගෙනයන්නට පාරකපනු ඇත.
මාධ්‍යවේදින්ට මහදවල් නගර සභා භූමියක් තුලදි අංක තහඩු නැති යතුරු පැදියකින් පැමිණ පොල්ලකින් පහර එල්ල එක කරන තත්වයක් මීගමුවට අත්පත්කරදුන් නගර පාලකයන් එලවා දැමිය  සදහා පසුගිය ජනවාරි 08 වෙනිදා මීගමුවේ ජනතාව ගත් ථෙතිහාසික තින්දුවේ ඉතිරි වගකිම පැවරි ඇත්තේ 2017 වසරෙදි එළඹෙන මහනගර සභා ඡන්දයේදිය.
සුරුවම යළිත් හමුවි ඇත.
එහෙත් එහි වු රු ලක්ෂ එකාමාරක් තරම් වටිනාකමක් ඇති චේන් 15කට ආසන්න ප්‍රමාණයට සිදුවුයේ කුමක්දැයි දැනගන්නට ලැබෙතැයි තවමත් අවිනිශ්චිතය.
ඒ ආකාරයෙන්ම මීගමුවේ සම්පත් බොහොමයක් දැනටමත් දේශපාලන හෙංචයියන්ගේ පුද්ගලික බුදල් බවට පත්ව හමාරය.ඒවා යළි ලැබෙතැයිද අවිනිශ්චිතය.
ඉතින් අපි මේ මඡර පාලනය  වෙනස් කළ යුතු නොවේද ?
සා.අඡායාරූප – http://marcuspriyanthaperera.blogspot.com

Save

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here