පල්ලිෙය් මාළු කඩේ හොර තරාදි???

0
472

වැල්ල අයිති වෙරළ සංරක්ෂණයට වුවත් කොටුව පිට්ටනිය වැල්ලට හිමිකම් කියන්නට වැල්ලවීදිය පල්ලිය සමත්ව ඇත්තේ දේශපාලන සහ ඥාති සංග්‍රහයන් උත්කර්ෂයට නැංවිම සදහා මීගමුවේ දේශපාලන අධිකාරිය විසින් කරන ලද අග්‍රගන්‍ය සැලසුමේ  ප්‍රථිපලයක් ලෙසය.
අපට මතුවන ගැටළුව වන්නේ පල්ලියේ නාමයෙන් එළිපිට ප්‍රසිද්ධියේ හොරකම් කරන්නට ඉඩ සලසා දි ඇත්තේ නම් ඊට වගකිව යුත්තේ කවුරුන්ද යන්නයි.
මීගමුවේ වැල්ලවිදිය පල්ලියට අයත් යැයි කියන මේ මාළු වෙළද පොලේ ක්‍රියාත්මක සියළුම තරාදි හොර ඒවා බව මුලින්ම දන්නේ වැල්ලවිදිය පල්ලියේ ටෙරන්ස් බොදියාබදු ගරු පියතුමන්ය.ඊට හේතුව වන්නේ මේ තත්වය වෙනස් කිරිම සදහා පල්ලිය විසින් නිසි කිරුම් බර ඇති තරාදි ලෙල්ලමේ ස්ථාපිත කරන්නට එතුමන් කළකදි පියවර ගත් බැවිනි.එහෙත් එය ක්‍රියාත්මක වුයේ දින කීපයකි. යළිත් පරණ තරාදි සෙල්ලමට වෙළෙන්දෝ මාරුවූහ.
ඒ අනුව කිරෙන්නේ කිලෝ එකකට ග්‍රැම් 250 ක් අඩුෙවනි.
මේ නිසා පාරිභෝරිකයන්ට සැමදා ලැබෙන්නේ හොරට කිරන මාළුන්ය.
මේ සම්බන්ධයෙන් මේ දක්වා පල්ලිය කිසිදු පියවරයක් ගෙන නැත.කිරුම් මිණුම් පිළිබදව වගකියයුතු නිළධාරින් පවා මෙහි පය නොගසන්නේ මාළු වෙළදුන්ට ඇති බය නිසාද නැතිනම් වෙනත් හේතුවක් නිසාද ???