පළාත් සභා මන්ත්‍රි රොයිස් විජිතට අළුත් බන්ධනාගාර නීතියක්.?

0
64

මීගමුව එජාප ආසන සංවිධායක සහ පළාත් සභා මන්ත්‍රි රොයිස් විජිත මහතා අද පැවැති පළාත් සභා රැස්විමේදි වරප්‍රසාද ප්‍රශ්ණයක් මතු කරමින් සභා අවධානය යොමු කර තිබුනේ මෙවර පළාත් සභා රැස්විමට පැමිණිමට පෙර ඒ ගමන් වාර වියදම සදහා තමාගේ බිරිඳ විසින් ඊයේ බන්ධනාගාරය වෙත රු 5000 ක් මුදලක් ගෙවා ඇති බවය.
එසේ කරන්නට සිදුව ඇත්තේ එසේ නොගෙවන්නේ නම් රොයිස් විජිත හට අද දින පළාත් සභා රැස්විමට කැදවා ගෙන යා නොහැකි යැයි බන්ධානාගාර නිළධාරින් විසින් පවසා ඇති බැවිනි.
ඒ වියදම බන්ධනාගාර බස් රථයේ වියදම සහ රොයිස් විජිත සමගින් ගිය බන්ධනාගාර නිලධාරින් 4 දෙනා වෙනුවෙන් බවද එම නිලධාරින් දන්වා ඇත.
මිට ඉහත පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්මෙන්ම ප්‍රාදේශිය පළාත් සභා මන්ත්‍රිවරුන්ද මෙසේ සිය සභා වාර සදහා බන්ධනාගාරයේ සිට ගොස් තිබුනද මෙසේ මුදල් ගෙවා ඇතැයි වාර්ථා වි නොමැති බව අප කළ විමසුමකදි මීගමුව එජාප නාගරික මන්ත්‍රි ගිහාන් ප්‍රනාන්දු පවසා සිටියේය.roies7