පශ්චාත් – යුද ශ්‍රී ලංකාව, යුද අවි වෙළඳාම පිළිබඳ සම්මුතියට ප්‍රවේශ විය යුත්තේ ඇයි?

0
101

9bc964b406685d2e8bc60bbd7b888da9_Lපශ්චාත් – යුද ශ්‍රී ලංකාව, යුද අවි වෙළඳාම පිළිබඳ සම්මුතියට ප්‍රවේශ විය යුත්තේ ඇයි? කෘතිය මාධ්‍යට නිකුත් කෙරේ

නිරවිකරණය සහ සංවර්ධනය පිළිබඳ සංසදය ( (FORUM OF DISARMAMENT & DEVELOPMENT)) විසින් ප්‍රකාශිත පශ්චාත් – යුද ශ්‍රී ලංකාව යුද අවි වෙළඳාම පිළිබඳ සම්මතියට ප්‍රවේශ විය යුත්තේ ඇයි? යන කෘතිය මාධ්‍ය වෙත පිළිගැන්වීම අද(21) කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පවැත්විණි.

ලෝකය පුරා කිසිම නියාමනයක් නොමැතිව සංසරණය වන අවි හරහා ලෝක ජනතාවට එල්ල වන අභියෝග ජය ගෙන ස්ථිරසාර සාමය ළගා කර ගැනීමට නම් යුද අවි වෙළදාම පිළිබද සම්මුතියේ රාජ්‍ය පාර්ශවකරුවකු විය යුතු බව නිරවිකරණය සහ සංවර්ධනය පිළිබඳ සංසදයේ සම්බන්ධීකාරක විද්‍ය අභයගුණවර්ධන මහතා පවසයි.

පශ්චාත් යුද රටක් වන ශ්‍රී ලංකාව හැකි ඉක්මනින් මෙම සම්මුතියේ පාර්ශවකරුවකු විය යුතු බව පෙන්වා දුන් විද්‍ය අභයගුණවර්ධන මහාතා, අප වැනි යුද අවි නිපදවන්නේ නැති රටවලට මේ සම්මුතිය හරහා ප්‍රයෝජන රැසක් ලැබෙන බව පෙන්වා දුන්නේය.
මේ අවස්ථාවට සහභාගී වූ හිටපු රේගු අධ්‍යක්ෂ සමන්ත ගුණසේකර මහාත පැවසුවේ දළ ඇතුන්, දිවියන් ,කබල්ලෑවන් වැනි සතුන් විශාල වශයෙන් මෙම නවීණ ස්වයංක්‍රිය ගිනි අවි යොදාගෙන දඩයම් වන බවයි. පසුගිය වසරේ කාගෙත් අවධානයට ලක් වූ ගලිගමුවේ ඇතාගේ ඇගේ කිලෝ 25ක් පමණ ලෝහ තිබූ බවත් එම ඇතා ලෝහ ඇගේ දරාගෙන දිගු කලක් ජීවත් වන්නට ඇති බවත් පැවසූ ඒ මහතා මේ සියල්ලටම හේතු වන්නේ අනවසරයෙන් පරිහරණය වන ගිනි අවි බව ද පෙන්වා දුන්නේය.