පහරදීමක් හේතුවෙන් හලාවත සෞඛ්‍ය සේවකයන් වැඩ වර්ජනයක

0
119

හලාවත නගර සභා සෞඛ්‍ය අංශයේ රියැදුරෙකුට කර ඇති  පහරදීමක් සමිබන්ධයෙන් අවශ්‍ය සැකකරු අත් අඩංගුවට නොගැනීම නිසා එම අංශයේ සියඵම සේවක සේවිකාවන් අද : 15 දා – පෙරවරු කාලයේ සිට වැඩ වරා සිටිය
හලාවත වැල්ල කසල අංගනයට කසල තොගයක් ගෙන යමින් සිය ට්‍රැක්ටර රියැදුරෙකුට ඉකුත් සෙනසුරා දා : 13 දා – දහවල් වැල්ල ප්‍රදේශයේ දී ධීවර සංගම් සභාපතිවරයෙකු විසින් පහර දි ඇති බවට හලාවත පොලිසියට පැමිනිළිකර තිබු අතර පහර කෑ රියැදුරා ප්‍රතිකාර පිණිස මෙි වන විට හලාවත රෝහලේ නතර වි සිටී.
මෙම පහර දීම සිදු කළ සැකකරු මේ දක්වා අත් අඩංගුවට ගෙන නොමැති නිසා ඊට විරෝධය පල කර ඇති සෞඛ්‍ය අංශයේ සියඵම සේවක සේවිකාවන් අද : 15 දා – අඵයම් කාලයේ සිට සිය සේවයට වාර්තාකර වැඩ නොකර නගර සභා පරිශ්‍රයෙහි රැදී  සිටිනු දැක ගත හැකි විය. විවිධ බලපෑමි කරමින් මෙම සිද්ධිය යටපත් කිරිමට ඇතැමුන් තැත් කරණ නමුත් කිසිවකු සැකකරු අත් අඩංගුවට ගැනිමට උනන්දු නොවිම කණගාටුදායක බව එම සේවකයින් පෙන්වා දුන්හ.
නගර සභවෙ ලේකමි ඒ.ජයසිරි මහතා  කියා සිටියේ මෙම පහරදීම හෙළා දැකිමට සේවකයින් ආරම්භ කර  ඇති වර්ජනය අසාධාරණ නොවන නමුත් තමන්ට ද බලපෑම් ඇති කරමින් මෙම සිද්ධිය යටපත් කිරිමට ඇතැමුන් තැත් කිරිම කණගාටුවට කරුණක් බවත් රාජකාරියට  බාධා පැමිණවීම දඩුවම් ලැබිය යුතු වරදක් බවත් කීය.
තැනතැන කසල .-1 DSCN8194
වැඩ වැරු පිරිස හා ලේකම් සමග සාකච්ඡාව කසල ගොඩ ගැසි ඇති අයුරු ජායාරූපවල දැක්වෙි.


ඔගස්ටින් ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here