2013 වසරේදී 05 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට සමත් වූ මීගමුවේ පාසල් වල දරු දැරියන් 50 දෙනෙකුට පමණ ත්‍යාග පිරිනැමීමක් මීගමුව ජාතික ඉතිරි කිරීමේ බැංකුවන් නොවැම්බර් 27 වනදා සිදුකරන ලදී. මෙම අවස්ථාවට ප්‍රධාන අමුත්තා ලෙස ශාන්ත පීතර මහවිද්‍යාලයේ විදුහල්පති රොයිස් පුනාන්දු මහතා ඇතුළු බැංකු කළමනාකාරවරයා සහ එම කාර්්‍ය මන්ඩලය ද සහභාගී වූහ.
මෙහිදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ මීගමුව ශාඛාවේ ‘හපන්’ ගිණුම් පවත්වාගෙන යන සිසු දැරියන්ට පාසල් උපකරණ ,පොත් සහ පාසල් බෑග් බෙදා දෙන ලදී.