පළාත් සභා මන්ත්‍රී ලලන්ත සහ හරිශ්චන්ද්‍ර ද සිල්වා අත්අඩංගුවට ?

0
46

බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් වන ආනන්ද හරිශ්චන්ද්‍ර සිල්වා  සහ ලලන්ත ගුණසේකර අද දෙසැම්බර් 26 වනදා උදේ  මීගමුව පොලිසියට බාරවීමෙන් අනතුරුව ඔවුන්ව පොලීසිය විසින් අතුඅඩංගුවට ගෙන තිබේ.  අද පොලීසියට බාරවූ මෙම පළාත්සභා මන්ත්‍රීවරුන් දෙදෙනොගෙන් ප්‍රකාශ ලබාගැනීමට  අධිකරණයෙන් නොතිසී නිකුත් කර තිබුණේ දසැම්බර් 02 වනදා මීගමුවේ පැවැති ත්‍රීරෝද රථකරුවන් විසින් පැවැත්වූ උද්ඝෝෂණයේදී සිදුකළ නීතිවිරෝධී ක්‍රියාකාරකම් සම්බන්ධයෙනි. මෙම උද්ඝෛා්ෂණය පැවති දින මහජනතාවට පිඩාකාරී ලෙස  සිදුවූ සිදුවීම් වලට වරදකරුවන් මෙන්ම පොදු දේපළ හානිකිරීම, අධිකරණ නියෝගය කඩකිරීම,පුද්ගලයන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් පහරදිම යන චෝදනා යටතේ මොවුන් අත්අඩංගුවට තරාතිරම නොබලා කටයුතු කරන ලෙස මීගමුව මහේස්ත්‍රාත්වරයා  දෙසැම්බර් 16 වනදා නියෝග කරන ලදී. අද  උදෑසන මීගමුව පොලීසියට බාරවූ  පළාත් සභා මන්ත්‍රීවරුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

dav
dav

5 චණ්ඩි 5 20 21