ප්‍රා.ලේකම් පරිශ්‍රෙය්දී වෙසක් භක්ති ගී

0
271

මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා ජාතික තරුණ සේවා සභාව එක්ව මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී වෙසක් උත්සවයට සමගාමීව 29 වෙනි දින වෙසක් බැති කී වැඩසටහනක් පවත්වන ලදී,

මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මියගේ මඟ පෙන්වීම යටතේ සංවිධානය කර තිබූ මෙම වැඩසටහනට සර්ව ආගමික නායකයන් පැමිණ අනුශාසනා පවත්වන ලදී,මෙහිදී ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මිය මෙසේ පැවසීය.

මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන සියලුම සේවක මහත්මා මහත්මීන් ජාති ආගම් බේදයෙන් හා තරාතිරම නොසලකා මෙම වැඩසටහනට එක්වීම නිසා මෙම වැඩසටහන සංවිධානය කිරීමට හැකි වූ බව සඳහන් කළේය,අප කාර්ය මණ්ඩලය එක් සත්ව හා එක්සිත්ව හැම කටයුත්තක්ම ඉටුකරන නිසා මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කටයුතු ඉතාමත් සාර්ථකව කරගෙන යාමට,හැකි වී ඇතැයිද,වැඩිදුරටත් සඳහන් කළේය.ඉහළ සිට පහළට රියදුරු සහ කාර්යාල කාර්ය සහයක දක්වා එක දම්වැලක් ලෙස සිටිමින් කටයුතු කිරීම නිසා අද දිනයේද සාර්ථක ප්‍රතිඵල ලැබීම ගැන මම ඉතාමත්ම සතුටු වෙනවා.

රේමන්ඩ් අපෝන්සු

View Synonyms and Definitions