ප්ලාස්ටික් බෝතල් උණුකර කුකුළු මස් බදින මීගමුවේ හෝටලයක් ?

0
113

fried-chickenකල්තබාගැනිම සදහා විවිධ දෑ බදින්නට ප්ලාස්ටික් බෝතල් භාවිතා කරන බවට තොරතුරු පැතිර යන්නේ දැන් කලක පටන්ය.
කල්තබාගත හැකි යැයි කියමින් විවිධ ආහාර  බැදිම සදහා මෙසේ ප්ලාස්ටික් බෝතල් උණුකර යොදාගන්නා බව කියැවේ.
මේ අතර මීගමුවේ හෝටල්වල සෞඛ්‍යසම්පන්න බව පිළිබදව විශේෂ විමර්ශන චාරිකාව නියැලුණ මාධ්‍යවේදි කණ්ඩායම එක් මාධ්‍යවේදියෙකු මීපුර වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ප්ලාස්ටික් බෝතල් උණුකොට කුකුළු මස් බැදිමට කටයුතු කරන බවට ප්‍රබල සැකයක් එක්තරා හෝටලයක් සම්බන්ධයෙන් තමන් හට මතුව ඇති බවයි.
මේ පිළිබදව අදාල බලධාරින්ගේ අවධානය යොමුකිරිමට තමන් කටයුතු කරන බවද හේ වැඩිදුරටත් පවසා සිටියේය.