ප්ලීස් ….වැරදි හදා ගන්නම් …දෙනවද ආයෙත් ..?

0
47

බස් 1බස් 2බස් 3මහින්ද රාජපක්ෂට පමණක් යෑමට ගෙන්වීමට සූදානම් වූ ගුවන්යානයේ වටිනාකම රුපියල් කෝටි 208ක් බව ඔබ දන්නවාද ?

මේ රටේ පොදු ජනතාව බදු ගෙවමින් , ඉතා අසරණ ජීවිතයක් ගෙවා දමන විට , පාලකයන් සිදු කලේ කුමක්ද ? රුපියල් කෝටි 208ක් පමණ වටිනා කමක් ඇති එම විශේෂ ගුවන් යානය ගෙන්වීමට සූදානම් වී සිටියද ඔහු බලයෙන් පහ කිරීමත් සමගම එකී ප්‍රයත්නය අහෝසි වී ගියේය. රාජපක්ෂ පවුලේ සාමාජිකයින් හා ගුවන් යානා අතර දැඩි කතා බහක් ඇත. ජනතා මුදල් නාස්ති කරමින් පාඩු ලබන ගුවන් සමාගම් නඩත්තු කිරීම, අශ්වයන් පැදීම වෙනුවෙන් ගුවන් යානා භාවිතා කිරීම, යෝෂිත රාජපක්ෂ භාරයේ තිබී සැහැල්ලු ගුවන් යානයක් හමුවීම, සජීන් වාස් ගුණවර්ධන සතුව ගුවන් යාන සහ පුහුණු පාසලක් තිබීම, රාජපක්ෂ පවුලේ සියලු දෙනාගේ ගමන් බිමන් වෙනුවෙන් වෙන වෙනම ගුවන් යානා භාවිතා කිරීම, මහින්ද රාජපක්ෂ මහතා ගමන් කරන අවස්ථාවලදී ගුවන් යානා දෙකක් ගමන් කිරීම , ශිරන්තිරාජපක්ෂ මිලෝ මීටර් 10 ක් යාමට හෙලිකොප්ටර් බිල ලක්ෂහතරක් ගෙවීම මේ අතර වේ. එමෙන්ම පසු ගියජනපතිවරණයේදී ඔවුන් විසින් භාවිතා කල ගුවන් යානා සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ගෙවිය යුතු මිලියන දෙසීයකට ආසන්න මුදලක් නොගෙවා කට්ටි පනිමින් සිටී.
(මුහුණිපොතින් උපුටා ගැණුනි.)