ප්‍රංශයට බෝට්ටුවෙන් යන්න ගිය මීගමුවේ තරුණයන්ට වෙච්ච දේ ?

0
94
Boat illegal
ජායාරූපය අන්තර්ජාලය ඇසුරිනි .සිද්ධියට අදාල එකක් නොවේ

(8.00 am ) එදා බෝට්ටුවේන ගියේ ඉතාලියටය. පසුව එය ඕස්ට්‍රෙලියාව කරා වෙනස් විය. දැන් තවත් රටකි. ඒ ප්‍රංශයයි .මෑතක සිට ප්‍රංශයේ රියුනියන් දුපත කරා නිති විරෝධි සංක්‍රමණියකයන් ගෙන යාමේ ජාවාරම් ආරම්භ කර  තිබේ.
මේ ගමනට එක්විම සදහා පසුගිය අගොස්තු මාසයේ 21 දෙනෙකු  පිටත්ව තිබුණි.

අඩි  32ක්  දිග  බහුදින    යාත්‍රාවකින්  ප්‍රංශය  බලා  පිටත්වවූයේ     පසුගිය අගොස්තු 03 වනදාය.එහෙත් ඒ මුහුුදු ගමන දින 2 කට සිමාවි තිබුනේ  ගාලලේදී   නාවික හමුදාවට මේ පිරිස කොටුවි තිබුණ නිසාය.
මෙසේ අත්අඩංගුවට ගත් පිරිස සති ගණනාවක් රක්ෂිතබන්ධනාගාර ගත කොට  සිට දැන් ඇප මත නිදහස් වි ඇත.

මෙම  පිරිස  අතර    මීගමුව  කුට්ටිදූව  ප්‍රදේශයේ    තරුණයින්  7දෙනෙකුද  විය.  අපි  මේ  පිළිබඳව  තොරතුරු    දැන ගැනීම  සඳහා  කුට්ටිදූවේ   ඔවුන්    ජීවත්වන    ස්ථානයට  ගොස්  හමුවී  කථාබහක  යෙදුනෙමු.

.  මේ  අනුව  පළමුව  අපට  මුනගැසුනු  නිලංක   අදහස්  පළකලේ  මෙසේය.

“.තොඩුවාවෙ  එක්කෙනෙක්   තමයි  අපිගිය  බෝට්ටුවෙ   ස්කීපර්.  අපි  අගෝස්තු  3දා  මීගමුවෙන්  පිටත්වුනා.  අගෝස්තු  5දා  ගාල්ල  දක්වා  ආව.  ගාල්ලෙදි  තමයි  අපිව  මාට්ටු  උනේ.    අපි  21ක්   හිටිය.  දවස්  14ක්   රිමාන්ඩ්  භාරයේ   තබාගෙන  පස්සෙ  ඇපපිට  නිදහස්  කළා.  මේ  ගමනට  අපි  ලක්ෂ  දෙක  ගානෙ  දුන්නා.  කොහොමහරි    නඩු  කටයුතු   වලටත්  පස්සෙදි   වියදම්  කරන්න   සිද්ධඋනා.  අපේ  දුප්පත්  කමටයි  මේ  ගමනට  කැමති  උනේ.  දැනට  නඩුවාර  3ක්  තිබුනා.  මමත්  එක්ක  තව  6දෙනෙක්  හිටියා  .   මොහාන්  සමන්ත  පෙරේරා,  දමිත්නිවන්ත  ප්‍රනාන්දු,  නිලංග,  ෂෙරෝන්,  රුවිල්,  ඔෂාන්   අනික්  අයයි.,,

මේවනවිට     මේ  අයගේ  පවුල්වල  අය  සුසුම්  හෙලන්නේ  ජීවිතේ   සැපවත්  කර  ගැනීමට  ගත්ත  මේ  උත්සාහය    නිසා    කබලෙන්  ලිපට  වැටීමක්   ලෙස  සිදුවූ  පාඩුව  ගැනයි.  දැන්  ඔවුන්ට  නැවත  වරක් තම  දුක්ඛිත   කුලී  රස්සාව  හෝ   එවැනි    යමක්  කරමින්   ජීවත්වීමට  බලකෙරී  ඇත. මෙය  පොදු  ප්‍රශ්ණයක්  වශයෙන්   වගකිව  යුත්තන්ගේ   අවධානයට  යොමුවිය  යුතුය.   එසේ  නොවන්නේ  නම්  හෙට  දිනයේ දී  මේ  තරුණ  පිරිස  වෙනත්  වැරදි  වලට  යොමුවීමේ  ඉඩකඩ  වැඩිවිය  හැකිබව  සමහර  ප්‍රදේශවාසීන්ද  අප  සමග  පැවසීය.