ප්‍රංශයේ ගිණිගත් හදවත යළි ගොඩනැගිමට ප්‍රකෝටිපතියෙකුගෙන් යුරෝ මිලියන 100 ක් !

0
80

පැරිස් පල්ලිය 1ප්‍රංශයත් සමස්ථ ලෝකවාසි ජනතාවත් මහත්වු කම්පනයකට පත්කළ ප්‍රංශයේ හදවත ලෙසින් නම් දරා ඇති ගිනිගත් නොටර්ඩැම් දෙව්මැදුර ප්‍රතිසංස්කරණය කිරිම සදහා ප්‍රංශ ප්‍රකෝටිපතියෙකු වු යුරෝ මිලියන 100 ක දායකත්වයක් ලබා දිමට දැනමත් ප්‍රකාශ කොට තිබේ.
ප්‍රධාන වෙළද සන්නම් නාමයක් වන ගුචි ඇතුළු සමාගම් කිපයක හිමිකරුවන් වන ප්‍රැන්සිස් හෙන්රි පිනොල්ට් සහ සිය පවුල විසින් මේ දායකත්වය ලබාදිමට සුදානම් බව දන්වා ඇතැයි විදේස් මාධ්‍ය වාර්ථා කර සිටි.
මේ අතර ප්‍රංශ ජනාධිපති මැක්රොන් විසින් මාධ්‍ය හමුවේ කියා සිටියේ අප මෙය යළි ගොඩනගන බවය. ඒ සදහා අරමුදලක් ගොඩනගන බවද ඔහු මාධ්‍ය හමුවේ පවසා තිබුණි.පැරිස් පල්ලිය 2