ප්‍රගතිශීලී කඳවුරේ සැබෑ වියතෙකුගේ සමුගැනීම ..

0
49

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය ටෙරන්ස් පුරසිංහ මහතා ඊයේ (6) අභාවප්‍රාප්ත වුණා.

කලක් රෝගී තත්වයකින් පීඩා විඳි පුරසිංහ මහතා මියයන විට 60 හැවිරිදි වියෙහි පසුවිය. ඔහු එක්දරු පියෙකි. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශය පිහිටුවීමට මුල් වී කටයුතු කළ ටෙරන්ස් පුරසිංහ මහතා එහි ප්‍රථම අධ්‍යයන අංශ ප්‍රධානියා යි.

අසනීප තත්වයෙන් පසුවුවත් විශ්ව විද්‍යාල රාජකාරීවලට මුල් තැන දී කටයුතු කළ ඔහු පසුගිය 5 වනදාත් ( විශ්ව විද්‍යාලයට පැමිණ එහි කටයුතුවල නිරත වී තිබුණා. මහාචාර්ය ටෙරන්ස් පුරසිංහ මහතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් මූලික උපාධිය සහ පශ්චාද් උපාධිය ලබාගත් අයෙක්.

දේශපාලනය පිළිබඳ විද්වතකු වූ පුරසිංහ මහතා විවිධ පුවත්පත් සඳහා දේශපාලන ලිපි වෙනුවෙන් සම්පත් දායකයකු ලෙස කටයුතු කළ අතර ඇතැම් පුවත්පත් සඳහා ආර්ථික දේශපාලනක කරුණු පිළිබඳව විවිධ ලිපි සම්පාදනය කළා.

ටෙරන්ස් පුරසිංහ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (08) දිනයේ සිදුකිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here