ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම යනු unp යට කඩේ යෑමක්ද ?

0
62

ප්‍රජාතන්ත්‍රවාදය නමැති මගී නෞකාවේ ඒකාධිපතිවාදය නමැති රුදුරු – වන්ඩ දළ රළ අතරේ ගිලෙමින් පවතී. තමන්බේරාගන්නා ලෙස කරන විලාපය දසතින් ඇසෙද්දී සියල්ල ඇස් ඉදිරිපිට පෙනෙද්දී සංවේදී මිනිසුන්ට නිහඬව සතුටින් ඒ දෙස බලා සිටිය හැකිද?

කළ යුතු වන්නේ වහා වහා ඔවුන් බේරාගැනීමය.එහිදී එහි සිටින මිනිසුන්ගේ ජාතිය ,ආගම, දේශපාලනය වැදගත් වන්නේ නැත. (ගොඩගත් පසු කැමති කෙනෙකුට එසේ වර්ග කළාටද වරදක් නැත.)
එවැනි දෑ ඉස්මතුකොට මානව හිතවාදී ඒ සත්ක්‍රියාව ලඝුකොට  සළකන්නේ පහත්,පටු මානසිකත්වයක් ඇති ලිං මැඩියන්ය.
ජනාධිපතිවරයාගේ මේ අන්තනෝමතික ක්‍රියාවන්ට එරෙහිව නැගී සිටීම unp යට කඩේ යෑමක් ලෙස දකින්නේ එබඳු අඳ බාලයන්ය. තවත් පැත්තකින් එයට එරෙහි නොවන හා නිහඬව බලා සිටින හැම දෙනාම අනියමින් ජනාධිපතිවරයාගේ එම ක්‍රියාවට අනුබල දෙන්නන්ය.
නැතහොත් අනුමත කරන්නන්ය. DM_20150721_A001-131
එස්.ඩබ්.වන්නිආරච්චි / මිලානෝ