ප්‍රදීප් පිරිස්ගෙන් එජාපයට චෝදනා ?

0
73

මීගමුවේ එජාප ප්‍රධානියෙකු වන ප්‍රදිප් පිරිස් මහතා  මුහුණු පොතේ අවස්ථා කිපයකදිම එජාපට විවිධ චෝදනා කළ කෙටි සටහන් අප අවස්ථා ගණනාවකදිම දැක ඇත්තේමු.
මෙවර ඔහු චෝදනා කරනු ලැබ ඇත්තේ මීගමුව එජාප සංවිධායක රොයිස් විජිත මහතා විසින් මීපුර වෙබ් අඩවියට ලබාදි ඇති විශේෂ විඩියෝ ප්‍රකාශයක් පදනම් කොට ගෙනය.
එහිදි රොයිස් විජිත  කියා තිබුනේ අයියාගේ වැරදි වහගහන්න මල්ලි බලයට ගෙනඒමට මීගමුව එජාපය කිසිවිටකත් ඉඩදෙන්නේ නැති බවය.
මේ පුවත ගැන ප්‍රදිප් පිරිස් මහතා විසින් මුහුණු පොතේ මෙසේ ලියා ඇත.

pradeep 2

” Words are Not Deeds ” .. කියල කියමනක් ඔබ අහල ඇති ….. ………… “ක්‍රියාවෙන් තොර වචන අර්ථ ශුනයි ” යන්න තමයි එමගින් අර්ථ දැක්වෙන්නේ …
ජනාධිපති මැතිවරණය ඉවරවෙලා වසරකට ආසන්නයි … මහා මැතිවරණය ඉවරවෙලා මාස 4 කට ආසන්නයි…..
ඔය කියන වැරදි වෙනුවෙන් ගත්ත ක්‍රියාමාර්ග ජනතාවට එලි කලානම් හොඳ නැද්ද ?

(උපුටා ගැනිම ප්‍රදිප් පිරිස් මහතා විසින් මිපුර වෙබ් අඩවියට අයත් මුහුණු පොතේ කර තිබුණ සටහනක් ඇසුරිනි)

ප්‍රදිප් පිරිස් මහතාගේ මේ සටහන ගැන අප අමතා කථා කළ අයෙක් කියා සිටියේ ප්‍රදිප් පිරිස් මහතා මීගමුව එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වෙලා වගේ එයා මේ කරන විවේචනය එයාටත් අදාලයිනේ.මොකද එයා ඉන්නේ එජාපෙ නේමෙද?
නැතින්ම රුවන් විජේවර්ධන මහත්තයා  අලුත් පක්ෂයක්වත් හදන්න යනවද ? මොකද ප්‍රදිප් වැඩකලේ රුවන් දිනවන්නනේ යනුවෙනි.