ප්‍රදේශ වාසීන්ගේ අවඥාවට ලක්වූ සේපාල මොරවකගේ කානු සංවර්ධනය

0
522

දළුපත කාණුව 1දළුපත කාණුව 2

(3.50 pm ) මීගමුව  දළුපත  ගල්කටුව  පාරේ   එක්  ස්ථානයක  පාර  මැදින්  කාණුව    කපා ,  කොන්ක්‍රීට්  ලෑලි  දමා  සකසා  ඇති  බවට  ලැබුනු  ආරංචිය  මත  එම  ස්ථානයට  ගොස්  විමසා  බැලුවෙමු. පාර  හරහා  යන පැරණි  කාණුවක් මග  තිබියදී   ඒ  ආසන්නයේ  ඇති  නිවස  ඉදිරිපිටින්  තවත්  කාණුවක්  කපා  අළුත්  ජලය බැසයාමට    සැකසීමට  හේතුව  කුමක්දැයි  අවබෝධ  කරගත  නොහැක.
මේ  නිසා   ප්‍රදේශවාසී  කිහිප  දෙනෙකුගෙන් ඒ  ගැන   විමසා සිටියෙමු.   ඔවුන්  කියා  සිටියේ  ඉහතකී  නිවසේ  ජලය  බැසයාමට  මෙම  කාණුව සකස්  කර  ඇති  බවයි. මෙය  දුටුවිට  මතකයට  නැගුනේ  කුඩා කළ  අසන ලද  මහදැන මුත්තාගේ  කථාවල  සිදුවූ  සිදුවීම්ය.  සේපාල  මොරවක  මීට  පෙරද  එවැනි   දේවල්   කළ  නිසා  මෙය  ඔහුගේ  සාමාන්‍ය  තත්වය  බව  පෙනේ.  ස
මීට  පෙර  දළුපත   දෙපා  ඇල  නම්  ඇල  මගෙහි    එක්  ස්ථානයක්   වසා  තාප්පයක්   ඉදිකර  තිබුනු  හෙයින්   එම  තාප්පය  කඩා  ඇලමග  පෑදීමට  මීගමුව  නගරසභාවෙන්   පැමිණි  අවස්ථාවේ  එය  නතර කර  ඇත්තේද  මොහුමය.  මේ  තැනැත්තා  තමන්  සතු  නිල  බලය  අයුතුලෙස  යොදා  ගනිමින්  කරන  මෙකී  ක්‍රියාවන්   තම  පටු  වූවමනාවන්   නිසා  සිදුකළද  ඉන්  පීඩාවට  පත්වන්නේ   අවට  සිටින  ජනතාවය.

පය බරවායට  පිටිකර  බෙහෙත්  බඳිනාසේ  මහපාර  කපා  සකසා  ඇති  මෙම  කානුව  තවමත්  නිසි  පරිදි  නිමවා  නැති  අතර  යන එන  සියළු දෙනා  මෙම  ස්ථානයෙන්   යනවිට  ප්‍රවේසම්  විය  යුතුව  ඇත.   දමා  ඇති  කොන්ක්‍රීට්  ලෑලි  නිසා  විශේෂයෙන්  යතුරුපැදි  ඇතුළු  වාහන   ගමනාගමනය  සඳහා  අපහසුතාවයක්  මතු කරයි.  මෙම  ව්‍යාපෘතියේ   ඉතිරි  කටයුතු  සිදුවන්නේ  කෙසේදැයි  කිසිවෙකු  නොදනී.   ඒනිසාම  ජනතාවට   සිදුවන  අපහසුතාවය  ගැන  සේපාල  මහතාගේ  වගකීමක්  දක්නට  නැත.   එමෙන්ම  මෙවැනි  ව්‍යාපෘති   සඳහා  අනුමැතිය  දෙන  මීගමු  නගරසභාවේ  වගකීම   පිළිබඳව ද  ප්‍රශ්ණ  කළ යුතුව  ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here