ප්‍රධාන පුරවැසියාගේ අනවසර කන්ටේනර් කාර්යාලය ගැනත් නගර සභාවේදි ප්‍රශ්ණ මතුවෙලා !

0
33

කන්ටේනර් කාර්යාලය( 8.00 pm ) මීගමුවේ ප්‍රධාන පුරවැසියා වන මොසෙස් ලංසා විසින් අනවසර ඉදිකිරිම් සියල්ල ඉවත් කිරිම සදහා දැන් සංදර්ශණාත්මක මෙහෙයුමකට අතගසා තිබේ.
අද පැවැති මහනගර සභා රැස්විමේ කේන්ද්‍රිය කරුණ බවට පත්ව තිබුනේද අනවසර ඉදිකිරිම් පිලිබද ප්‍රශ්ණයයි.
එහෙත් ඇත්ත ගැටළුව වන්නේ ගෙවුන දශකයකට අධික කාලයක් පුරා මිගමුව තුල තැන තැන අනවසර ඉදිකිරිම් සදහා අවසර දි තිබුනේ අන් කව්රුන් වත නොව ලංසා පවුල් හවුල් පාලනයයි.
පසුගිය මහ සභා රැස්විමේදි ද ප්‍රධාන පුරවැසියාව බිත්තියටම හේත්තු කරමින් කිපදෙනෙකු විසින් ඉදිපත් කරන්නට යෙදුන කරුණු සැලකිල්ලට ගැනිමේදි මොසෙස් ලංසාගේ අනවසර ඉදිකිරිම් ඉවත් කිරිමේ මාධ්‍ය සංදර්ශනය ඔහුට පරාවලල්ලක් විම වැඩිඈතක නොවන බව දැන් පෙනි යමින් තිබේ.
ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට යැයි කියනමක් තිබේ.
නගරයේ අනවසර ඉදිකිරිම් ඉවත් කරන්නට යන මොසෙස් ලංසා සිය ආධාරකරුවන් සදහා ශා. ජෝශප් විදියේ අටවා ගන්නට ඉඩ දි ඇති කන්ටේනර් කාර්යාලය ගැන එජාප නාගරික මන්ත්‍රි ගිහාන් ප්‍රනාන්දු විසින්ද මතු කර තිබුණි.
දැන් මොසෙස් ලංසාට පත්ව  ඇත්තේ ගලඋඩ කැත කළ බළලාගේ තත්වයටය.
නගරයේ අනවසර ඉදිකිරිම් ඉවත් කරන්නට අන් අයගේ සහය ඉල්ලන මොසෙස් ලංසා විසින්ම දැන් අනවසර කටයුත්තක් සදහා අනියමින් සහය පළකිරිම දැන් මිගමුව තුල කුප්‍රකට රහසකි.