ප්‍රධාන පුරවැසියාගේ උපන් දින සාදය ජනතාවට හිරිහැරයක් වෙයි !පොලිසිය මැදිහත්වි නවතා දමයි !

0
75

adobestock_27096177-280x280( 8.45 am ) මීගමුවේ ප්‍රධාන පුරවැසිය සිය උපන් දිනය පසුගිය දින කිපය පුරාම විවිධ තැන්හිදි සමරා තිබුණි. එහි අවසන් සාදය පවත්වා තිබුනේ ඒත්තුකාල ශා. අන්තෝනි පාරේ පිහිටි සීකෝ හෝටලයේදිය.
මේ සුපිරි සාදය සදහා විශාල පිරිසක් වාහන රැසකින් පැමිණ සිටි බව ප්‍රදේශවාසිහු කියති. මේ අතර වැඩිපුරම සිට ඇත්තේ සුරූපි ලලනාවන් බවද සැලය.
සාදයේ කණ් පැලෙන තරම් වු ශබ්දය අලුයම 1 පසුවි වත් හමරා නොවුණ තැන ප්‍රදේශවාසින් විසින් 119 අමතා තමන් ඒ මොහොතේ අත්විදිමින් සිටි හිරිහැරය දන්වා තිබුණ අතර පසුව පොලිසිය පැමිණ එය නවතා දැමිමට පියවර ගෙන තිබේ.
ප්‍රධාන පුරවැසියා නගරයට පළමුව අාදර්ශ සැපයිය යුත්තා වුවද අද මිගමුවට ඇත්තේ අවාදර්ශයේ ප්‍රතිමුර්තියක් වන් වු ප්‍රධාන පුරවැසියෙකි.
එවන් නගරයක බදුගෙවන ජනයාට දෙවියන්ගේම පිහිටය.