ප්‍රාදේශිය සංවර්ධන කමිටුව මගහැරපු නාගරික කොමසාරිස්වරියට වැඩවරදින ලකුණු !

0
96

roies and lalith(12.30 am )ප්‍රාදේශිය සංවර්ධන කමිටුව යනු ජනාධිපතිවරයා විසින් පත්කරන ලද ප්‍රාදේශිය ලේකම් කොට්ටාශයක ඇති එහි සමස්ථ සංවර්ධනය පිළිබදව කටයුතු කරනු ලබන ප්‍රධානතම ව්‍යුහයයි. ඒ සදහා ඒ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සියළුම ප්‍රධාන රාජ්‍ය නිළධාරින්ගේ දායකත්වය අත්‍යවශ්‍ය වුවකි.
තතු මෙසේ තිබියදි මීගමුව මහනගර සභාවේ නාගරික කොමසාරිස්වරිය දයාන් ලංසා නගරාධිපතිවිමෙන් පසු ඇතිවු නගර පාලන කාලය තුල මීගමුව ප්‍රාදේශිය සංවර්ධන කමිටුව නියෝජනය කිරිමට පැමිණ තිබුනේ නැත.
එපමණක් නොව හිටපු කොමසාරිස්වරයා අඩුම තරමින් මේ රැස්විම සදහා නගර ශාලාවේ ඉඩ ලබාදිමද ප්‍රතික්ෂේප කර තිබුණ අතර වත්මන් පරිපාලන අධිකාරිය යටතේද තවමත් ඉඩක් ලැබි නැත.
කෙසේ වෙතත් මීගමුව ප්‍රාදේශිය සංවර්ධන කමිටුවේ සමසභාපතිවරුන් විසින් මේ තත්වය අාදල ඉහල නිළධාරින් හට දන්වා යැවිමෙන් පසු ගම්පහ දිසා ලේකම් වරයා විසින් ප්‍රබල ප්‍රතිචාරයක් අදාල වගකිම් නොලසකා හරින ලද සියළු අයවලුන්ගේ අවධානයට යොමුකරවා ඇත.
මේ අනුව මිගමුවේ නාගරික කොමසාරිස්වරිය එක්කො රාජ්‍ය පරිපාලන රෙගුලාසි ප්‍රකාරව රජයේ නියෝජිතවරියක ලෙසින් කටයුතු කළ යුතුය නැතිනම් දයාන් ලංසාගේ පුද්ගලික සේවිකාවක් සේ සලකා කටයුතු කළ යුතුව ඇත.
ඇය විසින් මේ දෙකෙන් එකක් වහාම තෝරාගත යුතුව තිබේ.
ඇය තවදුරටත් කටයුතු කරන්නේ තමන්ගේ ස්වාමියා දයාන් ලංසා යැයි සිතා නම් ඇය පිළිබදව අදාල රාජ්‍ය බලධාරින් නිසි පියවර ගතයුතුව තිබේ.
මීගමුව ප්‍රාදේශිය සංවර්ධන කමිටුවේ සමසභාපතිවරුන් අදාල රාජ්‍ය බළධාරින්ව මේ ගැන දැනුවත් කිරිමට නිරන්තරයෙන්ම පියවර ගනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු

.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here