ප්‍රැන්සිස් පාප්තුමන්ගෙන් දුරකථන ඇමතුමක්…

0
138

රෝමයේ ජීවත් වූ 35 හැවිරිදි කාන්තාවක් වන ඇනා , ඇය ගැබ්ගෙන ඇති බව දැනගැනීමෙන් අනතුරැව දරුවාගේ පියාට මේ පිලිබදව දන්වා සිටියාය.
නමුත් දරුවාගේ පියා පවසා ඇත්තේ ඔහු  විවාහක පුද්ගලයෙක් බවත් එමනිසා දරුවා භාරගැනීමට නොහැකි බවත්ය.
එලෙසම ඔහු ඇයට උපදෙස් දී ඇත්තේ දරුවාව ගබ්සා කරගන්නා ලෙසටයි.

එම යෝජනාවට අකමැති වූ ඇය උපදෙසක් පතමින් 16වන ෆ්‍රැන්සිස් පාප්තුමාට ලිපියක් ලිව්වාය. දින කීපයකට පසුව ඇයවත් පුදුමයට පත් කරමින් පාප්තුමාගෙන් ඇයට දුරකථන ඇමතුමක් ලැබිණි. ඇගේ බලාපොරොත්තුව කිසිවෙකුටත් සොරා ගන්න ඉඩනොදෙන ලෙස පවසමින් පාප්තුමන් ඇයව සනසා ඇත.
anna එමෙන්ම පාප්තුමන් ඇයට දන්වා ඇත්තේ දරුවාගේ උපතින් පසුව දරුවාව බව්තීස්ම කිරීමට පියතුමෙක් සොයාගැනීමට ඇයට නොහැකි වුවහොත් තමාම දරුවාව බව්තීස්ම  කරන බවයි.
එම ප්‍රකාශය ඇනාගේ දැඩි සතුටට හේතු වූ අතර ඇය පවසා ඇත්තේ ඇගේ දරුවා පිරිමි දරුවෙක් වුවහොත් ඔහුට ෆ්‍රැන්සිස් යන නාමය තබන බවත් ඇය එසේ කරන්නේ පාප්තුමාට ගරුකිරීමක් වශයෙන් බවත්ය….
www.romereports.com ඇසුරිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here