පාප්තුමන් එන්නේ නෑ . ?

0
117

එළඹෙන ජනවාරී 13 වන දින ශුද්ධවූ පාප්වහන්සේ මෙරටට පැමිණීම සඳහා කටයුතු සූදාන වූවත් උන් වහන්සේ ස්ථිර ලෙසම මෙරටට පැමිණීම සිදු නොවනු ඇති බව ප්‍රවීන ජෝතිර්වේදී පී ඩී පෙරේරා මහතා පවසයි. ඔහුගේ වෙබ් අඩවියේ මෙම අනාවැකිය ඊයේ දිනයේ පළ කර තිබේ.
“ක‍තෝලික ජනතාවගේ අති මහත් ගෞරවයෙන් පිදුම් ලබන වතිකානයේ පාප් වහන්සේ ජනවාරි 13 ශ්‍රි ලංකා සංචාරයක් ඇරඹීමට නියමිතය.මේ ගැන ජ්‍යෙතිෂ ඇසින් දැන්ම යමක් කීම වඩා උචිතය සිතමි .

2014 නොවැම්බර් 2 වනදා ශනි වෘශ්චික රාශියට ස්ථාන මාරු ලිපියක් ලබා ගත්තත් නිසි පරිදි වෘශ්චිකයේ වැඩ බාර ගත්තේ දෙසැම්බර් 16 වනදා පස්වරු 2.42 ටයි.(ඉන්දියා වේලාවෙනි.) මේ වේලාවට යෙදෙන ග්‍රහ ගමන් අනුව ජනවාරි 13 වනදා ශනි වෘශ්චිකයේ අංක 7 යි කලා 56 ක් පැමිණීම සමග වක්‍ර ගුරුගේ බලපෑමත් සමග මුසුවේ.මේ නිසා නියත ලෙසම ජනවාරි 13 වනදා පාප් වහන්සේ ලංකාවට නොපැමිනෙනු ඇත.”

එමෙන්ම පසුගියදා තවත් අනාවැකියක් පළ කරමින් පෙරෙරා මහතා පැවැසූවේ නියත ලෙසින්ම මෙවර ජනාධිපතිවරණය මෛත්‍රීපාල සිරිසේන මහතා ජය ගන්නා බවය. පසුගිය ජනාධිපතිවරනයේ ප්‍රතිපළ ගැනද ෆොන්සේකා මහතාට සිරබත් කන්න වන බවද ඔහු එම ජනාධිපතිවරණයට පෙර නිවැරදි අනාවැකියක් පැවැසුවේය.කෙසේ නමුත් මේ වන විට පාප්වහන්සේගේ මෙරට සංචාරය දැඩි අවිනිශ්චිතතාවයකට ගෝදුරුව පවතී. ප්‍රධාන හේතුව වී ඇත්තේ ජනාධිපතිවරණය ජනවාරී මාසයේ පැවැත්වීම සඳහා යොදා ගැනීමය.

ජනධිපතිවරණය කල් දැමීම සඳහා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරගෙන් දැඩිව් ඉල්ලීම් කළ ද ඔහු එයට ඇහුම් කන් දුන්නේ නැත. ඒ හේතුව නිසා පාප් වහන්සේගේ සංචාරය කල් දැමීමට ක‍තෝලික සභාව සූදානම් වුවත් එම හේතුව නිසා ක‍තෝලික ඡන්ද රාජපක්ෂවරුන්ට අහිමි වේ යැයි බියෙන්, ඊට ගෝඨාහය රාජපක්ෂ මැදිහත් වී කළ තර්ජනය හමුවේ ක‍තෝලික සභාව නිහඬ විය.

එහෙත් මෙව්න විට ශ්‍රි ලංකාවේම රදගුරුවරුන්ගේ විරෝධය මේ සම්බන්ධයෙ පළ වී ඇති අතර අන්තර් ජාතික වශයෙන්ද ශ්‍රී ලංකාවේ සංචාරය අත්හි‍ටුවන ලෙස වතිකානුවට බලපෑම් එල්ල වෙමින් තිබේ.

Pope Francis in crowd