පාප්තුමන්ද ? දෛවඥයන්ද ? ආණ්ඩුවක පඹගාලක පැටලෙයි?

0
156

Pope 1
අතිඋතුම් ශුද්ධෝත්තම පියතුමන්ගේ ලංකා ගමනය වෙනුවෙන් කතෝලික සභාව ප්‍රමුඛ
කතෝලික ජනතාව ඉතා උනන්දුවෙන් හා භක්තියෙන් යුතුව සුදානම් වෙමින් පවතින
බවත්, අතිඋතුම් ෆැරැන්සිස් සුද්ධෝත්තම පියතුමන් දැක බලා ගැනීමටත්, උන්
වහන්සේගේ ආශිර්වාදය ලබා ගැනීමටත්, විශේෂයෙන් ලක්දිව ධර්මදූතයාණන් හා
ප්‍රථම සාන්තුවරයාණන් ලෙස ශුද්ධවරයට එසැවීමට නියමිත භාග්‍යාවත් ජුසේවාස්
පියතුමාගේ ශුද්ධවරයට එසැවීමට සජම්බන්ධයෙන්ද ශ්‍රි ලංකාවේ කතෝලික ජනතාව
දෑස් දල්වාගෙන සිටින බවත් ඒ සදහා සෑම දේවස්ථානයකම විශේෂ යාච්ඥාවන් හා
වැඩසටහන් විශාල ප්‍රමාණයක් සිදුකරමින් සිටින අතර එවැනි බලාපොරොත්තු
සහගත අවස්ථාවක් ජනාධිපතිවරණයක් යෙදිමෙන් කඩාකප්පල් කර නොදමනා ලෙසත් ‘කිතු
හඩ’ කතෝලික දහම රැකගැනීමේ ජාතික ව්‍යාපාරය ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයෙන්
ඉල්ලා සිටිනවා.

එසේම තවදුරටත් අදහස් දක්වන එම සංවිධානය පෙන්වා දෙන්නේ ජනාරධිපතිවරණයක්
පැවැත්වෙන ආසන්න වකවානුවේදී අතිඋතුම් ශුද්ධෝත්තම පියතුමන් කිසිදු රටක
සංචාරයකට සහභාගී නොවන බව කතෝලික සභාව රජයට කලින්ම දැනුම් රදී තිබුණු
බැවින්ද රජය නියෝජනය කරථමින් ආරක්ෂක ලේකජම්වරයා හා ජනාරධිපතිවරයා විසින්
අතිඋතුජම් ශුද්ධෝත්තම පියතුමන් මුණගැසී නිල ආරාධනය කිරීමට පෙර කතෝලික
සභාව සමග කතාබහ කර ෙම් සජීබන්ධව තීරණයක් ගත යුතුව තිබූ බවත් සියල්ල
සූදානම් කර කතෝලික ජනතාව බලාපොරොත්තුවේ හිනිපෙත්තේ සිටින මෙම අවස්ථාවේදී
හදිසි ජනාධිපතිවරණයක් යෙදීමෙන් සිදු වන්නේ අතිඋතුජම් ශුද්ධෝත්තම
පියතුමන්ගේ ලංකා සංචාරය අවලංගු වී කතෝලික ජනතාවගේ දැඩි සිත් පෑරිමක්
සිදුවීම බවත්ල ඇතැම්විට එවැන්නක ප‍්‍රතිථල ජනාධිපතිවරණයකදී රජයට
අවාසිදායක විය හැකි බවත්  ‘කිතු හඩ’ සංවිධානය පෙන්වා දෙනු ලබනවා.

මේ සජීබන්ධව පසුගියදා කැබිනට් තීරණ දැනුම්දෙන මාධ්‍ය හමුවකදී කැබිනට්
ප‍්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල අමාත්‍යවරයාද ප‍්‍රකාශ කර ඇති අතර රජයේ
විවිධ පාර්ශ්චව මේ සජීබන්ධයෙන් අදහස් ප‍්‍රකාශ කර ඇත. එ් හැම අවස්ථාවකදීම
ජ්‍යෙතිශවේදීන්ට අනුව නැකැත් යෙදී ඇත්තේ ජනවාරි මුල් සතියේ බැවින්
ජනාරීපතිවරණය ජනවාරි මුල් සතියේ පැවැත්වීමට බොහෝදුරට ඉඩ ඇති බව පැවසෙයිග
අතිඋතුම් ශුද්ධෝත්තම පියතුමන්ගේ ලංකාගමනය සිදු කරනු ලබන්නේද ජනවාරි 13,
14, 1 5 යන දිනයන් හී දීය. ජනපතිවරණය නිසා සුදුතුම්පියගේ ලංකා සංචාරය
අවලංගු කිරීමට සිදුවුවහොත් ලාංකේය කතෝලික ජනතාවට සිදුවන ලොකුම
බලාපොරොත්තු කඩවීම එය වීමටද ඉඩතිබේ. එබැවින් රජය සම්බන්ධව ඇති ප‍්‍රසාදය
නැතිවී යාමටද මෙය පාදක වන බවත්. එබැවින් ජනපතිවරණයට දින නියම කිරීමේදී
ලාංකේය කතෝලික ජනතාවගේ සිතේ ඇති බලාපොරොත්තු සහගතබව සම්බන්ධවද දැඩිව
අවධානය යොමු කරන මෙන් ජනාරධිපතිතුමා ප‍්‍රමුඛ රජයෙන් ඉල්ලා සිටිනු කැමැති
බව ‘කිතු හඩ’ සංවිධානය සිය මාධ්‍ය නිවේදනය මගින් දන්වා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here