( 11.30 am ) මිගමුව නගර මධ්‍යයේ බෞද්ධ මන්දිරය ය අසල පාරක් වසා දැමිම සඳහා රු මිලියන 5 කට වැඩි මුදලක් දේශපාලකයෙකු විසින් ලබාගෙන ඇතැයි වාර්තාවේ.
මෙසේ වසා දමා තිබුනේ නගර සභාවේ D සාප්පු සංකීර්ණයේ පිවිසුම් මාර්ගයයි.
මේ මාර්ගය හේතුවෙන් ඒ අසල නිවැසියෙකුට සිදුව ඇති අවහිරතා මඟහැර ගැනිමට මේ පිවිසුම් මාර්ගය වසා දමා තිබුණි.
මේ අයතා මුදල් ගණුදෙනුව මිගමුවේ කුපට දේශපාලන පවුලක පියා විසින් සිදුකර තිබුන බවට මිපුර කළ විමසුමකදි නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයකු කියා සිටියේය.
හිටපු කොමසාරිස්වරිය මේ පිවිසුම් මාර්ගය විවෘත කිරිමටද පියවර ගනිමින් තිබුණ බවද සැලය.
දැන් මේ වගකිම නව කොමසාරිස්වරිය වෙත පැවරි තිබේ.