පාරවල් ගානේ මුණු දාලා බෝඩ් ගහන ඇමති ලංසා සහ ජනපති ගෝඨා ?

0
89

IMG-250462a900b06d429617545afb9271bf-V

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡායාරූප හෝ අතින් සිතුවම් කරන ලද එතුමාගේ රුව ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රදර්ශනය නොකරන්නැයි අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටි.ජනපතිගේ රුව චිත්‍රණයත් එසේ සිතුවම් කරන ලද ආලේඛ්‍ය චිත්‍ර (Portrait) සහ ඡායාරූප අධීක්ෂණයකින් තොරව මග දෙපස සහ උත්සව භූමිවල ප්‍රදර්ශනයත් සිදුවන බව නිරීක්ෂණය කර ඇති බව එම නිවේදනයේ සඳහන්ය.

තමාගේ රුව සිතුවම් කරන පිරිස් වෙත ස්තූතිය පුද කරන රාජපක්ෂ ජනාධිපති මහතා එසේ කිරීමෙන් වැළකීම මැනවැයි පවසන බවද නිවේදනයේ සඳහන්ය.

පුද්ගල ප්‍රතිරූප ප්‍රවර්ධනය තමා අගය නොකරන බව ඒ මහතා ප්‍රකාශ කර ඇත. පිත්ත පටි දේශපාලනය 7IMG-f22ac91be345212394540287c4df95b4-V
රටේ නායකයා එසේ කටයුුතු කරද්දි ඔහු අනුව යනවා යැයි කෑමොර දෙන ඇතැම් දේශපාලකයන්  තමන්ගේ මුහුණ යෙදු පුවරු දැන් පාරක් පාරක් ගානේ සවි කොට තිබේ.
මිගමුවේදි පවුල් තුන හතරක් පමණක් සිටින පාරවල් වලට පවා කොන්ක්‍රිට් අතුරා  පාරවල් හදනවා යැයි කියා ඇමති ලසාගේ මෙන්ම ඔහුගේ සොහොයුරු නගරාධිපති දයාන් ලංසාගේද මුහුනු යොදා බැනර් සහ පුවරු සිටුවා ඇති අයුරු මිගමුවේ බහුතරයගේ පිළිකුලට බදුන් වෙමින් තිබේ.