පාරවල් වැසීමේ තිරිසන් උන්මාදය

0
110


වර්තමානයේ ශ්‍රීලංකාව අති දැවැන්ත අර්බුදයක ගිලෙමින් සිටී.වසර 74 ක දේශපාලන භාවිතාවේ සහ විශේෂයෙන් ම ගෝටාභයගේ කෙටි පාලන සමයේ සිදුවූ අදූරදර්ශී ,මෝඩ තකතීරු ක්‍රියා හේතුවෙන් ජනතාව පාරට බැස අරගල කරමින් සිටිති.එය ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියයි.


එහෙත් වැරදි කරුවන් දඬුවම් විඳිය යුතුව තිබියදී ,පාරවල් වසමින් සාමාන්‍ය ජනයා අපහසුතාවය ට පැමිනවීමේ පහත් තිරිසන් උන්මාදයකට අප රට ගමන් කරමින් සිටීමත් පොලීසියට එය පාලනය කිරීමට නොහැකි වීමත් බරපතළ ඛේදවාචකය කි.


අද විදේශ රටක සිට මෙය ලියන මම පසුගිය අප්‍රියෙල් 19 දින මෙම උන්මාදයේ වින්දිතයෙක් වූයෙමි.මා කුරන ප්‍රදේශයේ සිට මෝටර් රථයකින් වෙන්නප්පුව මාගේ නිවසට පැමිනෙමින් සිටියදී මීගමුව කොප්පරා හන්දියේ ඉන්ධන පිරවුම් හලෙන් පැයක් පමන පෝලිමේ සිට ඉන්ධන ද ලබාගෙන එන විට කොච්චිකඩේ තෝප්පුව හන්දියෙන් පාර වසා තිබුනි.

පැය පහකටත් අධික කාලයක් එහි රැඳී සිටියෙමි.නොහික්මුන පිරිසක් හමුවේ පොලීසිය අසරණ වී සිටිනු දුටුවෙමි.එම කාලය පුරාවටම යාපනය වව්නියා වැනි දුර ගමන් බස් රථ වල මගීන් පාර දෙපස අගු පිල් වල සතුන්ටත් අන්ත අසරණ ආකාරයෙන් සිටිනු දැක මට ඇතිවූ හැඟීම විස්තර කල නොහැකිය.

රාත්‍රි 10.00 නුත් පසුව මා මඩම්පැල්ල බඩල්ගම මාකඳුර දන්කොටුව හරහා වැඩිපුර කි.මී.35 ක් පමන ගෙවා දමමින් රාත්‍රි 11.00 ට පමන නිවසට පැමිනියත්,වාහන හාර පන්සීයක සෙනඟ පසුදින පහත් වනතුරු මහමගය.මේවා රජයට එරෙහි අරගල නොවේ.මේවා රජයට දැනෙන්නේවත් නැත.මේවා සාමාන්‍ය ජනයා පීඩාවට පත් කරන ම්ලේච්ඡ තිරිසන් ක්‍රියාවේ.

කුමන පාටක රජයක් පැවතුනද මෙවන් තිරිසන් ක්‍රියාවන්ට එරෙහිව පක්ෂ භේදයකින් තොරව මහජනතාව එක් රොක් විය යුතුය.

ස්තූතියි

මම ලෙස්ලි ලෝව්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here