පාරේ සුදු ඉරි අදින්න ලක්ෂ 30 ක් වැයකර මිගමු නගරාධිපති ගෙනා යන්ත්‍රයට මොකද වුනේ ?

0
87

Dayan commi

මිගමුව මහනගර සභාව මරණයට රු 5000 ක් ගෙවා ගන්නට බැරි තරමේ මුල්‍ය අර්බුදයකට පත්ව ඇතැයි පසුගියදා ප්‍රසිද්ධියේ කියා සිටියේ නගරාධිපති දයාන් ලංසාය.
මෙසා දරුණු මුල්‍ය අර්බුදයක් කරා නගර සභාව ගෙනගියේ අනවශ්‍ය දේවල් වෙනුවෙන් රු මිලියන ගණනින් පසුගිය කාලය තුල වැය කර තිබිම නිසාය.
රු.ලක්ෂ 30 කටත් වඩා වැය කරමින් පාරවල් වල සුදු ඉරි අදින්නට යැයි කියා මිළට ගත් යන්ත්‍රය දැන් වැඩක් නොගෙනම පැත්තට දමා තිබේ.
සැබැවින්ම පාරවල්වල් සුදු ඉරි අදින්නට මාර්ග සංවර්ධන අධිකාරියද තිබියදි කිසිදු සාධාරණ හේතුවක් නැතිව මෙසේ රුපියල් මිලියන ගණනක් තේරුමක් නැතිව වැය කර තිබේ.
මේවා පිළිබදව අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවේ නිළධාරින් නොදන්නේ දැයි අප අසන්නට කැමැත්තෙමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here