පාලු මංමාවත්වල අසරණ වූ වෙසක් සැරසිලි වෙළෙඳුන්

0
742

DSC00673 (2)

( 11.00 am ) මෙය වෙසක් සතියයි. හෙට (7) වෙසක් පුර  දිනයයි.   කොරෝනා ඇඳිරි නීතියෙන් පීඩාවට පත්  මීගමුවේ  වෙසක් සැරසිලි  වෙළෙඳුන්  මෙවර වෙසක් සැමරැම් කාලයේ අසරණව හිඳිති. කෙසේ වෙතත්, කොරෝනා වසංගතය හමුවේ රජය විසින් දී ඇති උපදෙස් අනුව වෙසක් සැමරුම්, සැරසිලි නිවෙස් වලට පමණක් සීමාකිරීමට සිදුව තිබේ.  වෙසක් දිනයේ එක් විශේෂත්වයක් වන්නේ වෙසක්  සැරසිලි වේ. ගෙවල්, වීදි, ගබඩා, රජයේ හා පෞද්ගලික ආයතනවල  බොහෝ  සැරසිලි අලංකාර ආකාරවලින් ප්‍රදර්ශනය කෙරේ. මේ වසරේ ඒවා නිවාසවලට සීමා වේ. එහි ප්‍රතිපළයක් වශයෙන්, ඇදුම්  අලෙවි කරන වෙළෙන්දන්ට දැඩි ලෙස පහර වැදී ඇත.

සෑම වසරකම වෙසක් වෙනුවෙන් මීගමුවට පැමිණෙන විවිධාකාර වෙළෙදුන් මේවර කොරෝනා තර්ජනය හමුවේ මහත් පීඩාවට ලක්ව සිටිති.

පසුගිය වසර කිහිපය තුළ විශාල වශයෙන් වෙසක් කූඩු අලෙවි කළ වෙළෙන්දෙකු වන සුදාත් ප්‍රියන්ත, මේ වසරේදී  මීගමුව – හලාවත  මාර්ගය දිගේ සුළු වෙසක් කුඩු ප්‍රමාණයක් අළෙවියට තබාගෙන හිදි. ඔහු කියා සිටියේ මේ වසරේ වෙසක්  සැමරීමට ජනතාවගේ පැමිණිම සීමාකිරීම නිසා  විශාල පාඩුවක් විදින්නට සිදුව ඇති බවයි.

DSC00678 DSC00677 DSC00674 DSC00675 DSC00676

සටහන සහ ඡායාරූප – එම්.ඉෂෙඩ් සාජහාන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here