පාස්කු ඉරිදා ප්‍රහාරය : මෛත්‍රී සමග සාකච්ඡා කළ BBC මාධ්‍යවේදියාගෙන් ප්‍රශ්න කරයි.

0
131

sharethis sharing buttonlinkedin sharing buttonwhatsapp sharing buttonwechat sharing buttonpinterest sharing button
( 10.30 pm ) පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසමට අනුයුක්ත පොලිස් ඒකකය විසින්
අද (24) දින බීබීසී මාධ්‍යවේදී ෂර්ලි උපුල් කුමාර් ගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.
ඒ, පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග කළ සංවාදයක්  සම්බන්ධයෙනි.
බීබීසී සිංහල සේවයේ අදාල සංවාදය අද කොමිසම හමුවේ ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව නැගුනු ප්‍රශ්ණ වලට පිළිතුරු දෙමින් මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා පවසා ඇත්තේ, තමන් පැවසූ දෑ විකෘති කරමින් අදාල වැඩසටහන සංස්කරණය කර තිබූ බවයි.
එමෙන්ම අදාළ සංවාදය සිදුකළ මාධ්‍යවේදියා මාධ්‍ය සදාචාරය උල්ලංඝනය කරමින් කටයුතු කළ බවත් මෛත්‍රිපාල සිරිසේන එහිදී පවසා තිබිණ.
අදාළ සංවාදය සිදුකළ බීබීසී මාධ්‍යවේදියා මාධ්‍ය සදාචාරය උල්ලංඝනය කරමින් කටයුතු කළ බව මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති කොමිසම හමුවේ අද පවසා තිබිණ.
එම සිදුවීම සම්බන්ධයෙන් බීබීසී මාධ්‍යවේදී ෂර්ලි උපුල් කුමාර ගෙන් ජනාධිපති පරීක්ෂණ කොමිසමට අදාල පොලිස් ඒකකය අද පැය දෙකක කාලයක් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.
එහිදී බීබීසී මාධ්‍යවේදියා පවසා ඇත්තේ, මෛත්‍රිපාල සිරිසේන ඉදිරිපත් කළ අදහස් කිසිඳු විකෘති කිරීමකින් තොරව ඉදිරිපත් කළ බවට තමා ඉතා වගකීමෙන් පවසන බවයි.
මෙම සාකච්ඡාව අතරතුර දී හෝ අවසානයේ දී ඔබ සමග හිටපු ජනාධිපතිවරයා යම් කේන්ති ගැනීමක් හෝ අමනාප වීමක් සිදු වුණාදැයි පොලිස් නිලධාරින් මෙහි දී බීබීසී මාධ්‍යවේදී ෂර්ලි උපුල් කුමාර ගෙන් ප්‍රශ්න කර තිබිණ.
එහිදී ඔහු සඳහන් කර ඇත්තේ, පාස්කු ප්‍රහාරයට අදාළ ප්‍රශ්නය විමසන අවස්ථාවේ දී කිසියම් නොසන්සුන්තාවයක් පෙනෙන්නට තිබුණද කිසිදු අමනාපයක් හෝ කේන්ති ගැනීමක් මෛත්‍රීපාල සිරිසේන පෙන්නුම් නොකළ බවයි.
dvfdsf
හිටපු ජනාධිපතිවරයා ෂර්ලි සමග සංවාදය අතරතුර..
එම සංවාදය අවසානයේ දී හිටපු ජනාධිපතිවරයා තමාගේ කරට අතදාගෙන ඡායාරූපයක් ගත් බව සඳහන් කර ඇති ෂර්ලි උපුල් කුමාර එම ඡායාරූපය ද පොලිස් එකකයට ඉදිරිපත් කර ඇතැයි වාර්තාවේ.
එමෙන්ම මෙම සංවාදයෙන් අනතුරුව මෛත්‍රිපාල සිරිසේන ඔහුට සැප්තැම්බර් මාසයේදී පාර්ලිමේන්තුවේ හමු වූ පළමු අවස්ථාවේදී ගත් ඡායාරූපයක් ද ඉදිරිපත් කරමින් ෂර්ලි පවසා ඇත්තේ, මෛත්‍රීපාල සිරිසේන තමාගේ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් ගැටලුවක් ඇති කරගත් බවක් කිසිදු ආකාරයකින්  පෙනෙන්නට නොතිබුණු බවයි.
හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කළ ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන්ද පොලිස් කොමිසම විමසා තිබිණ.
ඊට පිළිතුරු ලෙස බීබීසී මාධ්‍යවේදියා සඳහන් කර ඇත්තේ, එවකට පැවැති දේශපාලන තත්වය සහ මෛත්‍රිපාල සිරිසේන ගේ පාලන කාලයේ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් සාකච්ඡා කළ බවයි.
එවකට රාජ්‍ය නායකයා ලෙස, සේනාධිනායකයා ලෙස ආරක්ෂක ඇමතිවරයා ලෙස සහ පොලීසිය හා බුද්ධි අංශ බාර ප්‍රධානියා ලෙස පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ වගකීමෙන් ඔබට මිදිය හැකිද යන්න තමා හිටපු ජනාධිපතිවරයා ගෙන් විමසා සිටි බව බීබීසී මාධ්‍යවේදියා පොලිස් නිලධාරීන් හමුවේ පවසා ඇතැයි වාර්තාවේ.
”එවකට රාජ්‍ය නායකයා ලෙස, සේනාධිනායකයා ලෙස ආරක්ෂක ඇමතිවරයා ලෙස සහ පොලීසිය හා බුද්ධි අංශ බාර ප්‍රධානියා ලෙස පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ වගකීමෙන් ඔබට මිදිය හැකිද යන්න තමා හිටපු ජනාධිපතිවරයා ගෙන් විමසා සිටි බව බීබීසී මාධ්‍යවේදියා පොලිස් නිලධාරීන් හමුවේ පවසා ඇතැයි වාර්තාවේ. ‘
තමාගේ පාලන කාලයේ සිදු වූ පාස්කු ඉරිදා ඛේදජනක සිද්ධිය සම්බන්ධයෙන් වගකීම බාරගත නොහැකි නම් අඩුම තරමේ ජනතාවට කනගාටුව පළ කිරීමක් හෝ ජනතාවගෙන් සමාව ගැනීමක් සිදු කරන්නේ දැයි යන්න ද මෛත්‍රීපාල සිරිසේන ගෙන් විමසා සිටි බව මෙහිදී ෂර්ලි උපුල් කුමාර සඳහන් කර ඇතැයි ද පැවසේ.
අදාළ ප්‍රකාශය සටහන් කිරීමෙන් අනතුරුව එහි වාර්තාව ජනාධිපති පරීක්ෂණ කොමිසම වෙත යොමු කරනු ඇත.
ඒ අනුව, බීබීසී සිංහල සේවයේ මාධ්‍යවේදී ෂර්ලි උපුල් කුමාර ඉදිරි දිනකදී පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසම වෙත කැඳවීමට නියමිත බව ද වාර්තා වේ.
2020 පාර්ලිමේන්තු මැතිවරණය ඉලක්ක කර ගෙන දේශපාලන පක්ෂ නායකයින් ගණනාවක් සමග බීබීසී සිංහල සේවය වෙනුවෙන් ෂර්ලි උපුල් කුමාර සාකච්ඡා ගණනාවක් සිදුකර තිබිණ.
 
අදාළ බීබීසී සාකච්ඡාව.
theleader.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here