පාස්කු ප්‍රහාරය, ගෝඨා සහ ලංසලා

0
242

පාස්කු ප්‍රහාරය සිදුකර ඇත්තේ බලය ලබාගැනිම වෙනුවෙන් යන අදහස  කාර්දිනල් හිමියන්ගේ සිට මුලු ලංකාවම දැන් පිළිගෙන හමාරය.
රට ආනාරක්ෂිත නිසා තමන් ජනාධිපතිවරණයට එනවා යැයි එදා කිවේ ගෝඨාය.පාස්කු ඉරිදා ඝාතනයට ලක්වු අහිංසකයන්ගේ ලේ මතින් බලයට පැමිණි ගෝඨාභයට ඒ ශාපය නිසාම රටේවත් ඉන්නට බැරිවිය.
කතෝලික පියතුමන්ලා එදා උද්ඝෝෂණ කළේ  මේ ලේ ශාපය ගැන කියමිනි

පාස්කු ජනතාවගේ ලේ අත්වල තවරා ගත් මිගමුවේ දේශපාලකයන් අපි නම් දැන් ඒ පක්ෂවල නෑයි කියමින් හුලං අත බලා රුවල් දාන්නට පටන් ගෙන ඇත.ඔවුන් කර ඇති ජනතා මුදල් මංකොල්ල කෑම්වලට රැකවරණය ලැබෙන්නේ බලය ඇති පැත්තේ සිටගන්නේ නම් පමණි.
ඒ නිසාම දැන් පවුල් පිටින දැන් හුලං අතට රුවල් දමා ඇත

බල තන්හාව වෙනුවෙන් ලැජ්ජාවක් නැතිව ජනයා රවට්ටන දේශපලකයන් ගැන මිගමුවේ ජනයා වඩාත් නිවරදිම තින්දුවක් ගත යුතුව ඇත.