පාස්කු ප්‍රහාරයට යුක්තිය ලබා දිය හැක්කේ කාටද?

0
319

පාස්කු ප්‍රහාරයට යුක්තිය ලබා දිය හැක්කේ අදූෂීත, නීති ගරුක පාලනයක් තුළ පමණි

  • ජනෝදානය
    ” පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සිදුවී ලබන විසි එක්වන (21)දිනට වසර පහක් සම්පූර්ණ වනු ඇතත් මේ කුරිරු ප්‍රහාරය පිටුපස සිටින සහ එය මෙහෙයවනු ලැබූ මහා මොලකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට ප්‍රහාරය සිදුවූ දින සිට මේ රට පාලනය කළ ආණ්ඩු වලට තවම හැකි වී නැත. සැබවින්ම, එය ආණ්ඩුවේ නොහැකියාව පිළිබඳ ප්‍රශ්නයකට වඩා හිතා මතාම මහා මොළකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒම මග හරිමින් සිටින බවට සැකයක් අප තුළ ඇතිවන්නේ පසුගිය කාලය පුරාවටම ආණ්ඩුවේ වගකිව යුත්තන් මේ පිළිබඳව දක්වන නොසැලකිලිමත් බව නිසාය. කෙසේවෙතත්, මේ පවතින ආණ්ඩුව මේ අවනඩුව කිසිසේත්ම නොවිසදන බව ඉතා පැහැදිලිය.

  • එවන් වතාවරණයක් තුළ පාස්කු ප්‍රහාරයට අදාල නීතිය ක්‍රියාත්මක කර ගැනීමට නියතවශයෙන්ම පවතින පාලනය ඉවත් කර අදූෂීත, නීති ගරුක පාලනයක් මේ රට තුළ ස්ථාපිත කර යුතු බවත් ඒ සදහා ඇති එකම විකල්පය ජාතික ජනබලවේගය පමණක් බව ජනෝදානය පවසයි.

මෙම අදහස් ප්‍රකාශයට පත්වූයේ අද දින(2024.04.16) ජාඇල රියලිටි ප්ලාසා වෙළද සංකීර්ණයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය.
මෙම මාධ්‍ය සාකච්ඡාව සදහා ජනෝදානයේ ගරු සරත් ඉද්දමල්ගොඩ පියතුමා, ගරු සරත් පීරිස් පියතුමා, ගරු නොයෙල් ක්‍රිස්ටීන් සොයුරිය, මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන, කතිකාචාර්‍ය විජිත් රොහාන් ප්‍රනාන්දු, ප්‍රසාදිනී හැදලගේ, අජිත් හැඩ්ලි පෙරේරා, ජූඩ් සිවරාජ් සහ දිනූෂ නානායක්කාර යන නියෝජිතයන් සහභාගී වූහ.

සටහන; අශානෝ
(ඡායාරූප; දිනූෂ නානායක්කාර )