පාස්කු ප්‍රහාරය පිළිබදව මීගමුව කතෝලික පියතුමන්ලාගේ මාධ්‍ය හමුව !

0
415

කලාපිය පියතුමන්ලාසිරිල් ගාමිණි පියතුමන්( 8.00 am ) පාස්කු ප්‍රහාරයට වසරක් පිරිම නිමිතිකොටගෙන මිගමු කලාපීය කතෝලික පියතුමන්ලාගේ සංසදය විසින් ඊයේ මාධ්‍ය හමුවක් කැදවා තිබුණි.ඒ පාස්කු ප්‍රහාරයේ නියම වගකිව යුත්තන්ට සොයා බලා නිසි දඬුවම් ලබාදිමට පියවර ගන්නා ලෙස වත්මන් රජයෙන් ඉල්ලමිනි.කටුවාපිටියේ දෙව්මැදුරු පරිශ්‍රයේ  ඊයේ පෙරවරුවේ පැවැති මෙම මාධ්‍ය හමුවට මිගමුව කලාපිය අනුනායක හිමි ගරු සිස්වාන් කෲස් පියතුමන් ,කුරණ මිසම් සේවක ගරු සිරිල් ගාමිණි පියතුමන්,මිගමු නැගෙනහිර දිසානායක ගරු ටෙරන්ස් බෝදියාබදු පියතුමන් ,මීගමුව දිසානායක ගරු ගියොම් නෝනිස් පියතුමන් ,කටාන දිසානායක ගරු රවින් සඳසිරි පියතුමන් ,කොච්චිකඩේ මීසම් සේවක ගරු ජුඩ් රාජ් පියතුමන්,කටුවාපිටිය මිසම් සේවක ගරු මංජුල නිරෝෂන් පියතුමන්,කොලඹ අගරදගුරු පදවි ජනසංනිවේදන අධ්‍යක්ෂක ගරු ජුඩ් ක්‍රිෂාන්ත පියතුමන් එක්ව සිටි අතර ගිහි පාර්ශවය නියෝජනය කරමින් බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත්වු පවුල් වල අය කිපදෙනකුත් එක්ව සිටියේය.
ඊයේ පැවැති මෙම හමුව පිළිබදව සමාජය මාධ්‍ය ඔස්සේ යම් අදහස් පළවන්නට පටන් ගෙන ඇති ආකාරයක්ද මේ වන විට නිරික්ෂණය වෙමින් තිබේ.
එහිදි මුලිකව මතුකර තිබුනේ මැතිවරණයට සම්බන්ධ යම් දේශපාලනයක් මේ මාධ්‍ය හමුවටද පසුබිම් වි තිබුනේද යන කරුණයි.
දැනට අපට නිරික්ෂණය වු මත කිපයක් පහතින් පළවේ .fb comments