පාසැල් පොත් ගන්න ආ දරුවන්ට පොහොට්ටු මන්ත්‍රි සේපාල මොරවක ගොරවයි !

0
85

සේපාල මොරවක(2.00 am ) පාසැල් දරුවන් සදහා පොත් බෙදාදිම් මේ දිනවල සංදර්ශණාත්මකව තැන තැන පැවැත්වේ. මේ බොහොමයක් උත්සවවලදි පෙනි යන්නේ  මේ මන්ත්‍රිල තමන්ගේ වියදමින් ගත් පොත් බෙදාදෙනවා තරම් වු උජාරුවකිනි.
කෙසේ වෙතත් මෙයටත් වඩා නරුම තත්වයක් පසුගියදා දළුපතදි අභ්‍යාස පොත් බෙදා දිමකදි සිදුව තිබුණි. පොහොට්ටු මන්ත්‍රි සේපාල මොරවක විසින් පොත් බෙදාදෙමින් සිටියදි එහි පැමිණ සිටි කෙහෙල් ඇවරි පක්ෂයට සම්බන්ධ පවුලක දරුවෙකු හට කියා තිබුනේ ඒ දරුවාට පොත් ලබානොදෙන බවත්  කෙහෙල් ඇවරියෙන් ඉල්ලා ගන්නා ලෙසත්ය.
සේපාල මොරවක යනු මිගමුව මහනගර සභා ඉතිහාසයේ සිටින අප්‍රසන්න වැඩ රැසකට උරුමකම් කියන  නාගාරික මන්ත්‍රිවරයෙකි. ඔහුගේ මේ නරුමත්වය ගැන ලියන්නේ නම් ඔහු කර ඇති තුප්පහි වැඩ එමටය.
පොලේ එළවළු වෙළදුන්ගෙන් සතිපතා එළවළු පිනට අරන් ඒමේ සිට ගංවතුරට බෙදන්නට ඇති බත්පාර්සල්වලින් මාටියා පාර ගැසුවෙකි.
පසුගිය වසරේ දළුපත ප්‍රදේශයෙ නිවෙස් රැසක් ජලගැල්මට ලක්ව තිබියිද මුස්ලිම් පල්ලයේ ජනයාගේ මුලිකත්වයෙන් පිසු ආහාර ලබාදිමට කටයුතු කරමින් සිටියදි එහි ගොස් තිබුණ සේපාල මොරවක විසින් කර තිබුණ පජාත වැඩේ ගැන අප එදාම හෙළිදරව් කළෙමු.
තමන් ප්‍රදේශයට ගංවතුර ප්‍රශ්ණයක් නොතිබියදි පවා බත්පාර්සල් 30 එදා රැගෙන ගොස් තිබුණි.
මුස්ලිම් ජනයා තම සහෝදර අසල්වැසියන් පිඩාවට පත්ව සිටියදි උයාදුන් බත්පාර්සල් මොරවක මෙසේ මාටියා ගසා තිබුණි.
එපමණක් නොව මහසභා රැස්විම් දිනයන්හිදි මන්ත්‍රිවරුන්ට දෙනු ලබන දිවා ආහාරය හා බැදුන කථා ගොඩක්ද සේපාල මොරවකගේ වාර්තා පොතට එක්ව තිබේ.
එසේවවුද 2016 වසරේදි මහනගර සභාවේ නගරාධිපති කාර්යාලය තුලදිම මුස්ලිම් ජනයාට අපහස කිරිම ගැන අප එදා මිපුරෙන් වාර්ථා කර තිබුණේ පහත අයුරිනි.

මීගමුවේ හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරයෙකුද වන සේපාල මොරවක යනු මීගමුව මහනගර සභාවේ සිටින වාචලම කට තියෙන නාගරික මන්ත්‍රිවරයා කිව්වොත් එය අතිශෝක්තියක්  නොවේ.
ඔහු වැඩියෙන්ම කට අරින්නේ අවස්ථා දෙකකදි පමණි.එනම් තමන් වාසියක් ගැනිමට සහ තවත් අයෙක් අපහසයට ලක් කිරිම සදහාම පමණි.
ඊයේ දිනයේ මේ වාචාල මන්ත්‍රිවරයා තම සහෝදර මුස්ලිම් මන්ත්‍රිවරයෙකුට කියා තිබුනේ ”මේ තම්බි හින්ද කිසි දෙයක් කරන්න බෑයි” කියාය.
මෙය සිදුව ඇත්තේ මීගමුව නගරාධිපතිවරයාගේ නිළ කාමරය තුල යැයිද වාර්ථා වේ.
කෙසේ වෙතත් මේ ප්‍රකාශයෙන් සිත් තැවුලට පත් ෆරිස් නම් වු නාගරික මන්ත්‍රිවරයා කියා ඇත්තේ තම ප්‍රජාවට කරන්නට යෙදුන මේ අවමන් ප්‍රකාශය වෙනුවෙන් සමාව ගන්නා ලෙසය.
එහෙත් සේපාල එසේ කරන්න තරම් මහත්මයෙකු නොවන නිසා එවැන්නක්ද සිදුව නැත.
සේපාල මොරවක නරගරයේ ප්‍රධාන පුරවැසියා වන නගරාධිපතිවරයාට ඔහු නැති අවස්ථා වලදි කියන්නේ ”නගරයා” යැයි කියාද සැලය.